පාස්කු ප්‍රහාරය - නොකර හැරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණයක්

Staff Writer | Author . Translate to English or தமிழ் 04. 06. 2019 | 6.25pm
පාස්කු ප්‍රහාරය - නොකර හැරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණයක්

අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් නිලධාරීන් අතින් සිදුව ඇති නොකර හැරීම පිළිබඳ අපරාධ විමර්ශනයක් ආරම්භ කර ඇති බවට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තා කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පවසයි.

මේ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද(04) බී වාර්තාවක් මගින් අධිකරණයට දැනුම් දුන් බව ඒ මහතා ප්‍රකාශ කළේය.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කරනු ලැබු විශේෂ කමිටුවේ අතුරු වාර්තාව අනුව සහ නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් මත මෙම පරීක්ෂණ ආරම්භ කර ඇතැයි ඒ මහතා කීය.

Share