ජනපතිවරණය දෙසැම්බර් 07 - ජනපති

Staff Writer | Author . Translate to English or தமிழ் 31. 05. 2019 | 9.04pm
ජනපතිවරණය දෙසැම්බර් 07 - ජනපති

ජනාධිපති මැතිවරණය මේ වසරේ දෙසැම්බර් 07 වැනිදා පැවැත්වෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉන්දියාවේ දී ප්‍රකාශ කර තිබේ.

ඒ බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කර ඇතැයි ජනපතිවරයා පවසයි.

කිසිදු පක්ෂයක් මේ වන තෙක් අපේක්ෂකයන් නම් කර නැති බවත් අදාළ පක්ෂ අපේක්ෂකයන් නම් කිරීමෙන් පසු තමා ඒ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවද සිරිසේන මහතා පැවසීය.

 "මැතිවරණයට තවම කල් තියෙනවා.කිසිදු පක්ෂයක් මෙතෙක් අපේක්ෂකයෙක් නම් කර නෑ.ආණ්ඩුව හෝ විපක්ෂය ⁣හෝ කිසිම පක්ෂයක්.ඒ නිසා මටත් හදිසියක් නෑ.අනිත් පක්ෂ තීරණය කරනකම් මාත් බලන් ඉන්නවා මගේ තීරණයට"ඒ මහතා ප්‍රකාශ කළේය.

2020 ජනපතිවරණය⁣ට තමන් ඉදිරිපත් වීම⁣⁣ට තවමත් තීරණයක් ගෙන නැතැයි මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළ බව රොයිටර් පුවත් සේවය වාර්තා කළේය.

"එය තීරණය කිරීමට මම ඉක්මන් වෙන්නෙ නෑ." යැයි ඔහු නවදිල්ලියේදී ප්‍රකාශ කළ බව එම පුවත් සේවය පවසයි.


Share