මහේලගේ ප්‍රකාශයෙන් මැතිව්ස් පුදුම වෙයි

Staff Writer | Author . Translate to English or தமிழ் 27. 05. 2019 | 12.08pm
මහේලගේ ප්‍රකාශයෙන් මැතිව්ස් පුදුම වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන තමන් සම්බන්ධයෙන් පළ කර ඇති ඇතැම් කරුණු දැක තමන් පුදුමයට පත් වූ බව ඇන්ජලෝ මැතිව්ස් පවසයි.

එම කරුණු තමන් ප්‍රතික්ෂේප කරන බව ඇන්ජලෝ මැතිව්ස් ෆේස්බුක් සටහනක් ඔස්සෙ පවසයි.

ඇන්ජලෝ මැතිව්ස් ක්‍රිකට් දේශපාලනයේ ගොදුරක් බව සන්ඩේ ටයිම්ස් පුවත් පත සමග කළ සම්මුඛ සාකච්ඡාවකදී මහේල ප්‍රකාශ කර තිබිණි.

එසේම පිටස්තර පුද්ගලයන්ට කණ්ඩායම තුළට පැමිණීමට ඉඩ ඇන්ජලෝ මැතිව්ස් ලබාදුන් බවද ඔහු ප්‍රකාශ කළේය.

ඇන්ජලෝ මැතිව්ස් ගේ ෆේස්බුක් ප්‍රකාශය>>

" හැම කෙනෙකුටම මතයක් තියෙනවා. ඒක මහේලටත් තියෙනවා. ඔහු කරපු ඇතැම් ප්‍රකාශ ගැන මම පුදුමය⁣ට පත් වුණා. ඒ වගේම ඒවා මම ප්‍රතික්ෂේප කරනවා. දැන් මගේ මූලික අවධානය ලෝක කුසලානයයි. මහේලගේ දැනුමෙන් අපට උදව් කරන්න කියලා මම ඉල්ලනවා. මේ අවස්ථාවේ අපිට ඒක ලොකු දෙයක් " 


Share