ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ආරාධනාව මහේල ප්‍රතික්ෂේප කරයි

Staff Writer | Author . Translate to English or தமிழ் 26. 05. 2019 | 9.40pm
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ආරාධනාව මහේල ප්‍රතික්ෂේප කරයි

2019 ලෝක කුසලානය සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ යම්කිසි භූමිකාවකට එක්වන ලෙස හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන මහතාට කළ ආරාධනයක් ඒ මහතා ප්‍රතික්ෂේප කර තිබේ.


IPL කුසලාන දෙකක් ජයග්‍රහණය කිරීමට පුහුණුකරු තනතුරෙන් දායක වී ඇති මහේල ජයවර්ධන ශ්‍රී ලංකා දේශීය ක්‍රිකට් පද්ධතිය සැකසීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට කිහිප වරක් යෝජනා ඉදිරිපත් කර තිබිණි.එම යෝජනා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රතික්ෂේප කළ අතර හිටපු ක්‍රිකට් නායකයින් වන මහේල ජයවර්ධන,කුමාර සංගක්කාර සහ අරවින්ද ද සිල්වා යන මහත්වරුන්ගෙන් යුත් කමිටුවක් මගින් දේශීය ක්‍රිකට් නැංවීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් වාර්තාවක් සකස් කෙරිණි.එම වාර්තා ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබිණි.

 

තමන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ යම්කිසි භූමිකාවක් ඉටුකිරීම සදහා දෙවරක් ආරාධනා ලැබුණු බව මහේල පවසයි.අයිපීඑල් අවසන් කාලයේදී එක් වරක් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ද තවත් වරක් ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරීයා විසින් ද එම ආරාධනා ලැබුණු බව ඔහු පවසයි.එම ආරාධනා ප්‍රතික්ෂේප කළ බවද මහේල පැවසීය.

 

“මට ආරාධනාවක් ලැබුණා.නමුත් මට ආරාධනා කළ භූමිකාව සම්බන්ධයෙන් තේරුම්ගැනීමට නොහැකියි.“මහේල සන්ඩේ ටයිම්ස් වෙත ප්‍රකාශ කර තිබේ.


“මම දැන් කණ්ඩායම සමග එක්වෙලා වැඩක් නෑ.මුළු කණ්ඩායමම තෝරා අවසන්.හැමදේම කරලා ඉවරයි.දැන් මට ඇවිත් කරන්න දෙයක් ඉතුරුවෙලා නෑ.මම තවමත් සතුටු වෙනවා කණ්ඩායමේ පරිපාලනනය සදහා යම් දායකත්වයක් ලබාදීමට හැකිවීම ගැන.නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග ගනුදෙනුවක් නෑ.එය මට ගැලපෙන තැන නොවන බව දැන දැන එතනට ඇවිත් වැඩ කරන්න මට රුචියක් නෑ.“මහේල ප්‍රකාශ කරයි.



"ඇන්ඇජලෝ මැතිව්ස්ට අපි කිව්වා ලංකාවේ ක්‍රිකට්  දේශපාලනයට සම්බන්ධ වෙන්න එපා කියලා. එත් ඔහු ඇහුවේ නෑ. තමන්ගේ කණ්ඩායමේ ක්‍රිඩකයන් වෙනුවෙන් පෙනි සිටීයේ නෑ. ඔහු කණ්ඩායමට පිටස්තර අයට එන්න ඉඩ ලබාදුන්නා. ලංකාවේ එහෙම කරන්න බෑ.නායකත්වය සෘජුව සිටිය යුතුයි අපි එහෙමයි කරේ. එහෙම කළානම් ඇන්ජලෝ  තමයි තවමත් කණ්ඩායමේ  නායකයා.එහෙනම් නායකත්ව අර්බුදයක් එන්නෑ. චන්දිමාල් සහ මැතිව්ස් කියන්නේ ලංකාවේ ක්‍රිකට් දේශපාලනයේ ඉත්තන් දෙන්නෙක් විතරයි."ඔහු වැඩිදුරටත් කීය

 -ESPN ඇසුරෙනි

Share