තවුහිත් ජමාත් දෙන්නෙක් සැකපිට

Staff Writer | Author . Translate to English or தமிழ் 26. 05. 2019 | 12.09pm
තවුහිත් ජමාත් දෙන්නෙක් සැකපිට

ජාතික තවුහීත් ජමාත් සංවිධානයට සම්බන්ධ බවට සැකපිට දෙදෙනෙකු යුද හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබ අද (26) අලුයම කැගල්ල පොලීසිය වෙත බාර දී ඇත.

මාවනැල්ල බෙලිගම්මන ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබි එම සංවිධානයේ නායකයා බව කියන සහරාන් හෂීම්ගේ දේශන ඇතුළත් CD පට 2 ක් සහ සහරාන්ගේ ලිපි 2 ක් හමුවී ඇතැයි සඳහන් වෙයි.

මීට අමතරව කුරුණෑගල  කැකුණගොල්ල ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ ප්‍රාදේශිය  සංවිධායකයකු බව කියන පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

Share