බදියුදීන්ට එරෙහි විශ්වාසභංග විවාදයට අදත් දිනයක් නෑ

Staff Writer | Author . Translate to English or தமிழ் 23. 05. 2019 | 11.00am
බදියුදීන්ට එරෙහි විශ්වාසභංග විවාදයට අදත් දිනයක් නෑ

බදියුදීන් මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ගෙන ආ විශ්වාසභංග යෝජනාව විවාදයට ගන්නා දිනය පිළිබඳ තීරණයක් ගැනීමට පැවති විශේෂ පක්ෂනායක රැස්වීම එකඟතාවයකින් තොරව අවසන් විය.

කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පෙරවරු 09.30 ට ආරම්භ වූ  මෙම පක්ෂ නායක රැස්විම විනාඩි 45ක පමණ කාලයක්  පැවතියද කිසිදු එකඟතාවක් ඇතිවී නැත.

විශ්වාසභංග විවාදය ජූනි 05-06 පැවැත්විය යුතු බවට ඒකාබද්ධ විපක්ෂය යෝජනා කරද්දි ආණ්ඩු පක්ෂය යෝජනා කර ඇත්තේ එම විවාදය ජූනි 18 -19 සිදු කළ යුතු බවටයි.

විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීම සඳහා දිනයක් ලබා නොදීම හේතුවෙන් ඊයේ(22)  පාර්ලිමේන්තුවේ ඇති වූ නොසන්සුන්තාවක් නිසා පාර්ලිමේන්තුව අද (23) උදෑසන 10.30 දක්වා කල්තැබිණි.


Share