පොලිස්පති පූජිත ජයසුන්දරට එරෙහිව අපරාධ පරීක්ෂණයක්

Staff Writer | Author . Translate to English or தமிழ் 22. 05. 2019 | 10.30pm
පොලිස්පති පූජිත ජයසුන්දරට එරෙහිව අපරාධ පරීක්ෂණයක්

පොලිස්පති පූජිත ජයසුන්දර මහතාට එරෙහිව වහාම පූර්ණ අපරාධ විමර්ශනයක්  පවත්වන්නැයි  නීතිපතිවරයා උපදෙස් ලබා දී තිබේ.

ඊට අමතරව හිටපු ආරක්ෂක ලේකම්, විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී, ජාතික බුද්ධි ප්‍රධානී  සහ බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිට එරෙහිවත් මෙ⁣ලෙස පරීක්ෂණ සිදු කරන්නැයි නීතිපතිවරයා වැඩ බලන පොලිස්පතිවරයාට දන්වා තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ අදාළ පරීක්ෂණ සිදු කරන්නැයි ද නීතිපතිවරයා නියෝග කර ඇත.

පාස්කු ඉරිදා ම්ලේච්ඡ බෝම්බ ප්‍රහාරයට අදාල රාජකාරිය පැහැරහැරීම සම්බන්ධයෙන් මෙලෙස නියෝග කර ඇතැයි වාර්තා වෙයි.

බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පත්කළ විශේෂ කමිටුවේ අතුරු වාර්තා දෙකක් ජනාධිපති ලේකම්වරයා විසින් නීතිපතිවරයා වෙත යොමුකිරීමෙන් අනතුරුව මෙ⁣ම දැනුම්දීම සිදුකර තිබේ. 


Share