අගමැති හෝ ජනපති කිව්වොත් ඉල්ලා අස්වෙනවා

Staff Writer | Author . Translate to English or தமிழ் 22. 05. 2019 | 8.30am
අගමැති හෝ ජනපති කිව්වොත් ඉල්ලා අස්වෙනවා

අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාවට පක්ෂව සහ  බදියුදීන් අමාත්‍යවරයාට විරුද්ධව එජාප මන්ත්‍රීවරුන් සහ අමාත්‍යවරුන් අදහස් පළ කිරීම සම්බන්ධයෙන් බදියුදීන් අමාත්‍යවරයා දැඩි ලෙස විරෝධය පළ කර ඇතැයි දේශපාලන ආරංචිමාර්ග පවසයි.

ඊයේ (21) පැවති කැබිනට් මණ්ඩලයේදී මෙලෙස විරෝධය පළ කර ඇතැයි වාර්තා වේ.

එමෙන්ම අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වෙන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හෝ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තමන්ට දැනුම්දීමක් කළහොත් තමන් ඉල්ලා අස්වන බව අමාත්‍යවරයා එහිදි ප්‍රකාශ කර තිබේ

විශ්වාසභංගයට ඇතුළත් කර ඇති චෝදනා අසත්‍ය බවත් එයට තමන් විරුද්ධ බවත් අමාත්‍යවරයා පවසා ඇත.

Share