ශ්‍රී ලංකාව ලකුණු 35කින් ජයගනී

21. 05. 2019 | 2.00am
ශ්‍රී ලංකාව ලකුණු 35කින් ජයගනී

ස්කොට්ලන්ත ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර පැවති දෙවැනි එක්දින තරගය ඩක්වර්ත් ලුවිස් ක්‍රමය අනුව ලකුණු 35කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

මුලින් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව ලකුණු 322ක් ලබාගත්තේය.ලකුණු 322ක් හඹාගිය ස්කොට්ලන්ත කණ්ඩායමට තරගයට වර්ෂාවෙන් බාධා ඇති වීම නිසා පන්දුවාර 34කදී ලකුණු 235ක් ලබා ගැනීමට සිදුවිය.

නමුත්  ස්කොට්ලන්ත කණ්ඩායමට සියලු දෙනා දැවී ලබාගැනීමට හැකිවුයේ ලකුණු 199ක් පමණි.

අවිෂ්ක ප්‍රනාන්දු ලකුණු 74ක් ,දිමුත් කරුණාරත්න ලකුණු 77ක් සහ කුසල් මෙන්ඩිස් ලකුණු 66ක් වාර්තා කළහ.

පන්දු යැවීමේදී Brad Wheal ලකුණු 49ට කඩුළු 3ක් දවාගත්තේය.

ස්කොට්ලන්තය වෙනුවෙන් ක්‍රොස් ලකුණු 55ක් සහ මුන්සි ලකුණු 61 වාර්තා කළහ.

ශ්‍රී ලංකා පන්දු යවන්නන් වන නුවන් ප්‍රදීප් කඩුළු 4ක් සහ සුරංග ප්‍රදීප් කඩුළු 2ක් දවාගත්හ.

මීට අමතරව තිසර පෙරේරා සහ ඉසුරු උදාන කඩුළු එක බැගින් දවාගත්හ.

මෙම තරග ජයග්‍රහණය ශ්‍රී ලංකාව 2019 වසරේදී ලබාගත් පළමු එක්දින ජයග්‍රහණයයි.

මෙම ජයග්‍රහණය සමග ස්කොට්ලන්තය සහ ශ්‍රී ලංකාව අතර එක්දින තරගාවලිය 1-0ක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.

Share

COVID-19 සජීවී තත්ත්ව විශ්ලේෂණය