සහරාන් මිය ගිය බව ඩීඑන්ඒ වාර්තා තහවුරු කරයි

නිලුක සදුන් | Author . Translate to English or தமிழ் 21. 05. 2019 | 2.30pm
සහරාන් මිය ගිය බව ඩීඑන්ඒ වාර්තා තහවුරු කරයි

ජාතික තව්හීත් ජමාත් ත්‍රස්ත සංවිධානයේ නායක යැයි කියන මොහොමඩ් සහ්රාන් හෂීම් මිය ගොස් ඇතැයි ඩීඑන්ඒ වාර්තා අනුව තහවුරු වන බව වාර්තා වෙයි.

කොළඹ ෂැංග්‍රීලා හෝටලයේදි මරාගෙන මැරුණු බෝම්බකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු සහරාන් හෂිම් බව ඩීඑන්ඒ වාර්තා තහවුරු කර තිබේ.

සහරාන්ගේ බිරිඳ, දියණිය සහ  සහෝදරියගේ ජීව නියැදි භාවිත කරමින් මෙම පරීක්ෂණ සිදුකර ඇතැයි රජයේ රස පරික්ෂක දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග පවසයි.


Share