Huawei සමාගම සමග තිබූ හුවමාරු ගිවිසුම් සියල්ල අවලංගු කිරීමට Google ආයතනය තීරණය කරයි

Staff Writer | Author . Translate to English or தமிழ் 20. 05. 2019 | 8.30am
Huawei සමාගම සමග තිබූ හුවමාරු ගිවිසුම් සියල්ල අවලංගු කිරීමට Google ආයතනය තීරණය කරයි

Huawei සමාගම සමග තිබූ හුවමාරු ගිවිසුම් සියල්ල අවලංගු කිරීමට Google ආයතනය තීරණය කර තිබේ. ප්‍රබල චීන සමාගමක් වන Huawei සමාගම චීනය වෙනුවෙන් ඔත්තු සපයා ඇති බවට වොෂින්ටනය චෝදනා කිරීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇතැයි වාර්තා වේ.

මේ සමගම ගූගල් ආයතනය විසින් Huawei සමාගමට සැපයූ සියලු දෘඩාංග සහ මෘදුකාංග සැපයීමේ සියලු ව්‍යාපාරික ගිවිසුම් අත්හිටුවා ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

මෙම තීරණයත් සමග Android Updates ලබාගැනීමට තිබූ අවස්ථාව සම්පූර්ණයෙන් අවහිර වනු ඇත.එමෙන්ම අලුතෙන් නිෂ්පාදනය වන Huawei ජංගම දුරකථනවල⁣ට Google Play සහ Gmail ඇතුළු Google Apps සේවවෙන් කිසිවක් නොලැබෙනු ඇත.

මෙම තීරණය හේතුවෙන් Huawei ආයතනයට දැඩි පහරක් එල්ල වනු ඇතැයි විශ්ලේෂකයෝ පෙන්වා දෙති.චීනය සහ ඇමෙරිකාව අතර පවතින වෙළෙඳ යුදධයේ තවත් එක් සිද්ධියක් ලෙස මෙය දැක්විය හැකිය.

නමුත් තවමත් Huawei දුරකථනවලට පැරණි Android පද්ධතියට පිවිසීමේ හැකියාව ඇත.

-Rt.com ඇසුරෙනි.



Share