1990 සුවසැරිය නවතම ඇප් සේවාව

Staff Writer | Author . Translate to English or தமிழ் 08. 05. 2019 | 1.30pm
1990 සුවසැරිය නවතම ඇප් සේවාව

"1990 සුවසැරිය ගිලන් රථ සේවාවට අද දිනය සුවිශේෂී එකක් වුණා.අපි අද සුවසැරිය හදිසි මෙහෙයුම් කළමනාකරණ පද්ධතිය (Emergency Dispatch Management System: EDM) සහ සුවිශේෂී 1990 ජංගම දුරකතන ඇප් සේවාව හඳුන්වා දුන්නා.

මෙම නව පහසුකම් හඳුන්වාදීම මගින් මෙම සේවාවේ කාර්යක්ෂමතාවය තවදුරටත් ඉහළ යනවා. ස්මාර්ට් ජංගම දුරකතනයක් තිබෙන තැනැත්තෙකුට එක් බොත්තමක් එබීම මගින් පහසුවෙන් සහ වේගවත්ව මෙම සේවාව සමග සම්බන්ධවීමේ අවස්ථාව මෙම ඇප් සේවාව මගින් ලබාදෙනවා.

මෙම ජංගම දුරකතන ඇප් සේවාව මගින් දුරකතන ඇමතුම ලබාදුන් පුද්ගලයා සිටින ස්ථානය වඩාත් නිවැරදිව සොයාගන්නා නිසා අදාළ ස්ථානයට ගිලන් රථය ඉතාමත් ඉක්මනින්ම පිටත් කර යැවීමේ හැකියාව තිබෙනවා. මේ ආකාරයෙන් සේවා පුළුල් කිරීම මගින් 1990 සුවසැරිය අපේක්ෂා කරන්නේ මෙම නොමිල සේවාව වඩා විශ්වසනීය භාවයෙන් සහ කාර්යක්ෂමතාවයෙන් යුතුව ශ්‍රී ලාංකිකයින්ට ලබාදීමටයි.

1990 සුවසැරිය ඇප් එක මේ වනවිට Google App Store මගින් ඩවුන්ලෝඩ් කරගත හැකියි. iPhones වෙතින් ඩවුන්ලෝඩ් කර ගැනීමේ පහසුකම තවත් සති දෙකකින් පමණ ලබා දෙනවා."

හර්ෂ ද සිල්වා මහතාගේ ෆේස්බුක් ගිණුමෙන්..


Download









Copied from Mr. Harsha De Silva official facebook 



Share