ආරක්ෂක ලේකම විදේශ මාධ්‍යවේදියකුට දෙන පිළිතුරු

24. 04. 2019 | 1.30pm
ආරක්ෂක ලේකම විදේශ මාධ්‍යවේදියකුට දෙන පිළිතුරු
ශ්‍රී ලංකාවේ ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු විදේශ මාධ්‍යවේදියකු අසන ප්‍රශ්න වලට පිළිතුරු දෙන ආකාරය
 
විදේශ මාධ්‍යවේදියා - මෙම ප්‍රහාරය කළා කියල ඔබ විශ්වාස කරන්නේ කවුද ?
 
ආරක්ෂක ලේකම් - මේ වෙද්දී කියනවා ආරක්ෂක අමාත්‍යාංශය  මේ ප්‍රහාරය ගැන දැනන් හිටිය කියල.එහෙම තොරතුරු හුවමාරු වෙනවා.සමහර දේවල් වෙනවා කියල අපි දැනගෙන හිටියා.හැබැයි මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක් කිසිම හදිසි නීතියක් නැහැ.
ඒක නිසා අපට කරන්න පුළුවන් ඉතාමත් සුළු ප්‍රමාණයක්. තොරතුරැ එක්රැස් කිරීම කරන්න පුළුවන් යම් සීමාවකට විතරයි. 
 
විදේශ මාධ්‍යවෙිදියා - ඔබගේ බුද්ධි අංශ මොනවා කියලද අනතුරු ඇගෙව්වේ ?
 
ආරක්ෂක ලේකම් - පොඩි කණ්ඩායමක් නමුත් සංවිධානාත්මක බලගතු කණ්ඩායමක් මෙහි පිටුපස සිටින බව.සොයාගත් බොහෝ තොරතුරු කියන්න බැහැ විමර්ශන සිදුවෙන නිසා.
එෆ්බීඅයි එක මේ වෙද්දී අපේ සහයෝගයට ඇවිත් ඉන්නවා .හෙට ඉන්ටපෝල් එකත් එන්න නියමිතයි.අපි මේකේ පතුලටම සොයනවා සිදු උන දේ හොයාගන්නවා.
 
විදේශ මාධ්‍යවෙිදියා -  ඔබට අනතුරු ඇගවීමක් කළා නේද බුද්ධි තොරතුරු තිබුණා නේද?
 
ආරක්ෂක ලේකම් - ඔව්.යම්තාක් දුරට නමුත් පොඩ්ඩයි 
 
විදේශ මාධ්‍යවෙිදියා - ඇයි එහෙනම් පල්ලි ආරක්ෂා කිරීමට පියවර නොගත්තේ ?
 
ආරක්ෂක ලේකම් - අපි අදාළ ආයතන දැනුවත් කරලා තියෙන්නේ.උදාහරණයක් විදියට යුද්ධය පවතින කාල වකවානුවේ වත් අපි හෝටල් ආරක්ෂා කරන්න ගියේ නැහැ. අපි කවදාවත් හෝටල් ආරක්ෂා කරේ නැහැ. හොටල් ආරක්ෂාව බලන්නේ අදාළ හෝටල් වල ආරක්ෂක අංශ.එයාල මිලිටරි අංශ වල ඉහල නිලධාරියෝ, පොලිස් නිලධාරියෝ කුලියට අරගෙන ඉන්නේ.නමුත් මේ වගේ දෙයක් වුණාම එයාල කියනවා අපි මොකුත් කළේ නැහැ කියල. අපි අනාගතයේදිවත් එයාලගේ හෝටල් ආරක්ෂා කරන්න යන්නේ නැහැ. එයාල එයාලගේ ආරක්ෂාව එයාල විසින්ම බලාගත යුතුයි.අපි ඉන්නේ මහජනයාගේ ආරක්ෂාව සපයන්න විතරයි.
 
විදේශ මාධ්‍යවෙිදියා -  අනතුරු ඇඟවීමක් තිබ්බනම් ඇයි බැරි වුණේ ක්‍රිස්තියානි පල්ලි ආරක්ෂා කරන්න? 
 
ආරක්ෂක ලේකම් - දේවස්ථාන කොච්චරක් කියල අපි ආරක්ෂා කරන්නද අපි දැනුවත් කළා.අපි කවදාවත් මෙච්චර දෙයක් බලාපොරොත්තු වුණේ නැහැ.
 
විදේශ මාධ්‍යවෙිදියා - හැබැයි ඔයාලට අනතුරු ඇඟවීම් තිබුණ මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල වෙනවා කියල?
 
ආරක්ෂක ලේකම් - නැ නෑ.තැන් තැන්වල තනි ප්‍රහාර එල්ල වෙනවා කියල කිව්වත් මේ වගේ දෙයක් වෙනවා කියල දන්නේ නැහැ.එහෙ මෙහෙ පොඩි පොඩි තනි ප්‍රහාර සිද්ද වෙනවා කියල කිව්වත් මෙච්චර ලොකුවට වෙයි කියල හිතුවේ නැහැ
Share

COVID-19 සජීවී තත්ත්ව විශ්ලේෂණය