අද දවසට කොරෝනා රෝගීන් 21ක්

31. 03. 2020 | 11.36pm
අද දවසට කොරෝනා රෝගීන් 21ක්

කොරෝනා වෛරසය ආසාධිත තවත් පුද්ගලයකු අද (31) රාත්‍රී හඳුනා ගැනීමත් සමඟ ශ්‍රී ලංකාවෙන් තහවුරු කරගත් කොරෝනා ආසාධිතයන්ගේ සංඛ්‍යාව 143 දක්වා ඉහළ ගිය බව වසංගත රෝග විද්‍යා අංශය කියයි.

අද දවස⁣ට තහවුරු කර ගත් කොරෝනා ආසාධිතයන්ගේ සංඛ්‍යාව 21කි.

කොරෝනා ආසාධිතයින් වැඩිම පිරිසක් තහවුරු කර ගත්තේ අද දිනයේය.

මීට පෙර වැඩිම ආසාධිතයන් පිරිසක් හමුවී තිබුණේ මාර්තු 17 වැනිදාය. එම පිරිස 14කි.

කොරෝනා වසංගතයේ බරපතලකම තේරුම් ගන්න. නිවසටම වී ලක්ෂණ ඇත්නම් වෛද්‍යවරයකු මුණ ගැසී සැබෑ තතු ප්‍රකාශ කරන්න....

 MediaLK.com කණ්ඩායමේ දැනුම් දීමක්

Share

COVID-19 Situation Analysis