'ට්‍රම්ප්ගේ ප්‍රතික්ෂේප කිරීම නිසා ඇ⁣මෙරිකානු ජීවිත අහිමි වුණා'

30. 03. 2020 | 3.32am
'ට්‍රම්ප්ගේ ප්‍රතික්ෂේප කිරීම නිසා ඇ⁣මෙරිකානු ජීවිත අහිමි වුණා'

කොරෝනා වෛරසය පැතිරීම ආරම්භයේදී ක්‍රියාමාර්ග ගැනීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් “ප්‍රතික්ෂේප කිරීම” නිසා ඇමරිකානු ජීවිත අහිමි වූ බව ඇමෙරිකානු කථානායක නැන්සි පෙලෝසි ඉරිදා සීඑන්එන් හි ජේක් ටැපර්ට පැවසුවාය.

මෙම අර්බුදයට ප්‍රතිචාර දැක්වීමේදී ට්‍රම්ප් දඩබ්බරව කටයතු කළ බවට ඇය චෝදනා කළාය.

“වෛරසය පැතිරීම මුලදී ජනාධිපතිවරයා එයට ප්‍රතිචාර දැක්විම ප්‍රතික්ෂේප කිරීම නිසා මෙය මාරාන්තික වූණා.  ඔහු අවශ්‍ය තැන්වලට උපකරණ ලබා ගැනීම ප්‍රමාද කළා.එය දිගටම සිදු වෙනවා. අවශ්‍ය ස්ථානයට උපකරණ ලබා ගැනීමට ඔහු ප්‍රමාද වීම  බරපතලයි, ”පෙලෝසි සීඑන්එන් වෙත පැවසුවාය.

ට්‍රම්ප් වෛරසයේ පැතිරීම අවතක්සේරු කළ නමුත් ධවල මන්දිරයේ කොරෝනා කාර්ය සාධක බලකාය මෑත සතිවල දී අවශ්‍ය ප්‍රාන්ත හා රෝහල් වෙත උපකරණ ලබා දීම  ඇතුළු ක්‍රියාමාර්ග වේගවත් කර තිබේ.

"අපට ඇත්ත වශයෙන්ම මෙම කාර්යය ඉටු කිරීම සඳහා එක්සත්ව වැඩ කරන්න අවශ්‍යයි. නමුත් ඇත්ත වශයෙන්ම මෙහි සිදුවෙමින් පවතින ද මෙම අවතක්සේරු කිරීමට අපට දිගටම ඉඩ දිය නොහැකියි.මෙය ඛේදවාචකයක්.ප්‍රමාණවත් පරීක්ෂණ අප සතුව නොමැති නිසා එහි විශාලත්වයවත් අපි දන්නේ නෑ."පෙලෝසි පැවසීය.  

CNN ඇසුරෙන් 

Share

COVID-19 Situation Analysis