මාලදිවයින් පාර්ලිමේන්තුව අන්තර්ජාලය හරහා රැස්වෙයි

Staff Writer | Author . පරිවර්තනය කරන්න සිංහල හෝ தமிழ் 29. 03. 2020 | 9.49pm
මාලදිවයින් පාර්ලිමේන්තුව අන්තර්ජාලය හරහා රැස්වෙයි

හෙට(30) සිට මාලදිවයින් පාර්ලිමේන්තු සැසිවාරය අන්තර්ජාලය හරහා වීඩියෝ තාක්ෂණය ඔස්සේ සිදු කිරීමට තීරණය කර තිබේ.

මෙලෙස අන්තර්ජාලය හරහා රැස්වන ලොව ප්‍රථම ව්‍යවස්ථාදායක මණ්ඩලය මෙය බව dnaindia.com පවසයි.

කොරෝනා වෛරසය හේතුවෙන් පවතින සෞඛ්‍ය හදිසි අවස්ථාව ඉවත් කරන තෙක් මෙලෙස වීඩියෝ සම්මන්ත්‍රණ හරහා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය. 

ඊයේ (28) මෙහි පෙරහුරු කටයුතු සිදු කළ අතර, කථානායක මොහොමඩ් නෂීඩ් ද ඊට සහභාගී විය. 

"ලෝක ජනගහනයෙන් හතරෙන් එකක් නිවාස අඩස්සියේ හෝ වෙනත් ආකාරයකින් හෝ හුදෙකලා වීමකට ලක්ව සිටිනවා.මීට නීති සම්පාදකයින් ද ඇතුළත්. එහෙත් ලෝකයේ පාර්ලි‌මේන්තු වලට තම ජනතාව නියෝජනය කිරීම නතර කළ නොහැකියි. මෙම අර්බුදය අතරතුර ප්‍රජාතන්ත්‍රවාදයේ ආයතන අඛණ්ඩව ක්‍රියාත්මක විය යුතුයි."යැයි මාලදිවයින් පාර්ලිමේන්තුවේ කථානායක මොහොමඩ් නෂීඩ්, සී මීඩියා සමඟ අදහස් දක්වමින් කියා සිටියේය.

"මාලදිවයින් පාර්ලිමේන්තුව අන්තර්ජාලය හරහා රැස්වී එහි සියලු කටයුතු බාධාවකින් තොරව ඉදිරියට කරගෙන යනවා"ඒ මහතා පැවසීය.

" මෙම අර්බුදය ලෝකය යන පිළිවෙල වෙනස් කරනු ඇත.අප ජීවත් වන ආකාරය සහ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය හා පරිභෝජනය කරන ආකාරය වෙනස් කරාවි.නමුත්  කොතරම් විශාල අභියෝගයක් වුවත් ජය ගැනීමට අපේ ර⁣ට සැමවිටම සමත් වී තිබෙනවා." යැයි ඒ මහතා කීය.

dnaindia.com ඇසුරෙන්

Share