කොරෝනා ආසාධිතයන් ගණන 117ක් දක්වා ඉහළට

29. 03. 2020 | 8.12pm
කොරෝනා ආසාධිතයන් ගණන 117ක් දක්වා ඉහළට

නව කොරෝනා රෝගය (COVID-19) ආසාධිත තවත් රෝගීන් දෙදෙනකු තහවුරු වීමත් සමඟ ශ්‍රී ලංකාවෙන් තහවුරු කර ගත් කොරෝනා ආසාධිතයන්ගේ ගණන 117 දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය කියයි.

තවත් රෝගීහු 117 දෙනෙක් කොරෝනා යැයි සැකපිට වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබති. 

කොරෝනා යැයි තහවුරු කර ගත් 117 දෙනාගෙන් 11 දෙනෙක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් සිටිති. 

තහවුරු කර ගත් රෝගීන්ගෙන් එක් රෝගියකු ඊයේ ජීවිතක්ෂයට පත්විය..

(නිලූක සඳුන්)


කොරෝනා වසංගතයේ බරපතලකම තේරුම් ගන්න. නිවසටම වී සිටින්න.රෝග ලක්ෂණ ඇත්නම් වෛද්‍යවරයකු මුණ ගැසී සැබෑ තතු ප්‍රකාශ කරන්න....

 MediaLK.com කණ්ඩායමේ දැනුම් දීමක්


Share

COVID-19 Situation Analysis