පිලිපීනයේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා යැවූ ගුවන් යානයක් අනතුරට පත් වෙයි

29. 03. 2020 | 7.50pm
පිලිපීනයේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා යැවූ ගුවන් යානයක් අනතුරට පත් වෙයි

පිලිපීන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් ගුවන් ගිලන් රථයක් ලෙස භාවිතා කළ ලයන් එයාර් ගුවන් යානයක් අද(29) රාත්‍රියේ  මැනිලා ගුවන්තොටුපලේදී අනතුරට ලක්ව තිබේ.

මැනිලා සිට ජපානයේ ටෝකියෝ බලා පිටත්ව යාමට නියමිතව තිබු මෙම යානයේ සිටි සියල්ලන්ම මිය ගිය බවට ගුවන් තොටුපල ප්‍රකාශකයෙක් පැවසූ බව නිව්යෝර්ක් ටයිම්ස් පවසයි.

IAI වෙස්ට්වින්ඩ් ජෙට් යානය පිලිපීන රජය විසින් ටෝකියෝවේ සිටි රෝගියෙකු ඉවත් කරගැනීම සඳහා විශේෂයෙන් යවන ලද බව වාර්තා වේ.

මෙම ජෙට් යානය අද එරට වේලාවෙන් රාත්‍රී 8ට පමණ මැනිලා හි නිනෝයි ඇක්විනෝ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් ගුවන් ගත වීමට නියමිතව තිබුණි.

ගුවන් පථයෙන් ගුවන්ගත වීමට  පෙර ගුවන් යානයේ ගින්නක් ඇති වී ඇතැයි RT.com වාර්තා කරයි. ඉන්පසු ගුවන් යානය විසිවී දැඩි ලෙස හානියට පත්ව තිබේ.ගිනි නිවන භටයන් පැයක් ඇතුළත ගින්න නිවා දැමූ බව Rt.com පවසයි.

එරට ප්‍රාදේශීය වාර්තාකරුවෙකු වන ඩෙක්ස්ටර් කබල්සා පවසන පරිදි යානයේ වෛද්‍යවරුන් තිදෙනෙකු සහ එක් රෝගියෙකු ඇතුළු අට දෙනෙකුගෙන් සිට ඇත. 

රෝගියා කොවිඩ් -19 ආසාදනය වූ ⁣රෝගියකුදැයි නොදන්නා බවත් ඇය පැවසූවාය.

ජෙට් යානය මෙම ඛේදනීය අනතුරට පත්වීමට පෙර පිලිපීනයේ දූපත් වටා මෙන්ම ජපානය, තායිලන්තය සහ තායිවානය වෙත ද ගුවන් ගමන් සිදු කර තිබේ.

පිලිපීනයේ දූපත් හරහා අත්‍යවශ්‍ය වෛද්‍ය සැපයුම් බෙදාහැරීම සඳහා එරට රජය විසින් මෙම යානය යොදවා තිබිණි.

Rt.com සහ නිව්යෝක් ටයිම්ස් ඇසුරෙන්

https://www.rt.com/news/484420-manila-medical-plane-crash/

https://www.google.com/amp/s/www.nytimes.com/2020/03/29/world/asia/lion-air-crash-philippines-coronavirus.amp.html

Share

COVID-19 Situation Analysis