පාස්කු සැකකරුවකු අද අත්අඩංගුවට - පොලිසිය

29. 03. 2020 | 4.51pm
පාස්කු සැකකරුවකු අද අත්අඩංගුවට - පොලිසිය

මඩකලපුව සියෝන් දේවස්ථානයේ පාස්කු ප්‍රහාරය සිදු කළ සැකකරු ප්‍රවාහනය කළැයි සැකපිට පුද්ගලයකු අද(29) අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමිනි.

සැකකරුවන් පිරිසක් තවදුරටත් රඳවාගෙන ප්‍රශ්න කරන බව පොලිසිය පවසයි.

කෙසේ වෙතත් මෙම අපරාධය සම්බන්ධ සැකකරුවන් විශාල පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබිණි. එම නිලධාරීන් රැසක් මේ වන විට ස්ථාන මාරු ලැබ සිටිති.

අද පොලිසිය මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේ විමර්ශන නිසි ලෙස සිදු කිරීම සඳහා ඇතැම් නිලධාරීන් ස්ථාන මාරු කළ බවයි.

Share

COVID-19 Situation Analysis