පැය 24⁣ට ස්පාඤ්ඤයේ මරණ 832කින් වැඩි වෙයි

28. 03. 2020 | 4.47pm
පැය 24⁣ට ස්පාඤ්ඤයේ මරණ 832කින් වැඩි වෙයි

ස්පාඤ්ඤයේ පසුගිය පැය 24ට මරණ 832ක් වාර්තා වී ඇතැයි ද එම දිනය තුළ ආසාදිත රෝගීන් 8189ක් වාර්තා වී ඇතැයි ද  RT.com පුවත් සේවය පවසයි.

කොරෝනා වෛරසයෙන් මේ වන විට එරට පුද්ගලයින් 5,690 ක් මියගොස් ඇති අතර 72,248 දෙනෙකු මෙම රෝගයට ගොදුරු වී ඇති බව ස්පාඤ්ඤ බලධාරීහූ පවසති.

ස්පාඤ්ඤය ඉතාලියෙන් පසු ලෝකයේ දෙවන ⁣වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවක් වාර්තා වන රටයි.  

RT.Com ඇසුරෙන්

Cover Photo : Reuters

Share

COVID-19 Situation Analysis