වූහාන් නගරය අර්ධ වශයෙන් විවෘත වෙයි

28. 03. 2020 | 3.32pm
වූහාන් නගරය අර්ධ වශයෙන් විවෘත වෙයි

කොරෝනා වසංගතය ආරම්භ වූ චීනයේ වුහාන් නගරය මාස දෙකකට වැඩි කාලයකට පසු නැවත අර්ධ වශයෙන් විවෘත කර ඇත.

මාර්ග බාධක යොදා ඇතුළුවීම් පිටවීම් තහනම් කරමින් සහ එදිනෙදා ජීවිතයට දැඩි තහංචි පනවමින් එම නගරය ජනවාරි මාසයේදී වසා දැමිණි.

ප්‍රවාහනය සහ කාර්මාන්ත ද නැවත ආරම්භ වෙමින් පවතින අතර ජනවාරි මාසයෙන් පසු පළමු මගී දුම්රිය අද(28) නැවත නගරයට පැමිණෙන බව එරට රාජ්‍ය මාධ්‍ය පෙන්වා දෙයි.

ජනතාවට දැනට ඇතුළුවීමට අවසර දී ඇති නමුත් පිටත්ව යාමට අවසර නොමැති අතර බොහෝ දුම්රිය ආසන දින ගණනකට පෙර සම්පූර්ණයෙන්ම වෙන් කරවා ගෙන තිබුණි.

ඒඑෆ්පී වාර්තාකරුවන් පැවසුවේ  වුහාන් දුම්රිය ස්ථානයට මගීන් විශාල ප්‍රමාණයක් පැමිණෙන බවයි.

විදේශයන්ගෙන් පැමිණෙන ⁣ආසාදිතයන් පාලනය කිරීම සඳහා චීනය වීසා හෝ ස්ථීර පදිංචිකරුවන් සඳහා බලපත්‍ර තිබුණත්, සියලු විදේශීය අමුත්තන්ට තාවකාලික තහනමක් ප්‍රකාශයට පත් කර තිබේ. 

බැංකොක් පෝස්ට් ඇසුරෙන් 

Cover Photo : AFP

Share

COVID-19 Situation Analysis