කොරෝනා ආසාධිතයින් ගණන 110ක් වෙයි

28. 03. 2020 | 2.23pm
කොරෝනා ආසාධිතයින් ගණන 110ක් වෙයි

New Update

කොරෝනා ආසාධිතයන්ගේ මුළු සංඛ්‍යාව අද සවස 4.00 වන විට 110ක් වූ බව වසංගත රෝග විද්‍යා අංශය කියයි.

අද දිනයේ තහවුරු කර ගත් කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව හතර දෙනකු බව ද එම අංශය පවසයි.

කොරෝනා ආසාධිතයන් නව දෙනකු මේ වන විට සුවය ලබා පිටව ගොස් ඇති අතර තවත් කිහිප දෙනෙක් දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබති.

Update : 2.45 PM

තවත් කොරෝනා ආසාධිතයින් දෙදෙනකු අද (28) දහවල් තහවුරු කර ගත් බව වසංගත රෝග විද්‍යා අංශය කියයි. 

ඒ අනුව කොරෝනා ආසාධිතයන්ගේ සංඛ්‍යාව 109 දක්වා ඉහළ ගොස් තිබේ.

Update:2.23PM

තවත් පුද්ගලයකුට කොරෝනා ආසාධනය වී ඇතැයි තහවුරු වීමත් සමඟ කොරෝනා ආසාධිතයින් ගණන 107 දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය කියයි.

ඉන් රෝගීන් නව දෙනකු මේ වන විට සුවය ලබා රෝහලෙන්  පිටවී ගොස් තිබේ.

තවත් 199 දෙනෙක් කොරෝනා යැයි සැකපිට වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබති.

ලබති..

කොරෝනා වසංගතයේ බරපතලකම තේරුම් ගන්න. නිවසටම වී සිටින්න.රෝග ලක්ෂණ ඇත්නම් වෛද්‍යවරයකු මුණ ගැසී සැබෑ තතු ප්‍රකාශ කරන්න....

 MediaLK.com කණ්ඩායමේ දැනුම් දීමක්

Share

COVID-19 Situation Analysis