අසල්වැසි ඉන්දියාවට පැනවෙන මෝදිගේ 'ජනතා ඇඳිරි නීතිය'

20. 03. 2020 | 12.16am
අසල්වැසි ඉන්දියාවට පැනවෙන මෝදිගේ 'ජනතා ඇඳිරි නීතිය'

කොරෝනා වෛරසය ආසාදනය වීම වළක්වා ගැනීම සඳහා හැකි තරම් නිවෙස්වල⁣ රැඳී සිටින ලෙස අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි බ්‍රහස්පතින්දා (19) ඉල්ලා සිටියේය.  

ලෝකය මෙතරම් බරපතල අනතුරක් මෙතෙක් දැක නැති බවත් මේ කාලය තුළ සියලු දෙනා එක්ව මෙම වෛරසයට එරෙහිව සටන් කළ යුතු බවත් ඔහු පැවසීය.

"මම අද සෑම රටවැසියෙකුගෙන්ම තවත් එක් සහායක් බලාපොරොත්තු වෙනවා. මෙය මහජන ඇඳිරි නීතියක්. 'ජනතා ඇඳිරි නීතිය' යනු මහජනයා විසින්ම මහජනයාටම පනවා ගන්නා ඇඳිරි නීතිය. සෑම පුරවැසියෙක්ම මාර්තු 22 වැනි ඉරිදා උදෑසන උදේ 7.00 සිට රාත්‍රී 9.00 දක්වා ජනතා ඇඳිරි නීතිය අනුගමනය කළ යුතුය." අගමැති මෝදි ජාතිය අමතමින් පැවසීය

ජනතා ඇඳිරි නීතිය 'යනු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ස්වයං නිරෝධායන ඉල්ලීමකි.

මාර්තු 19 දා ජාතිය අමතමින් අගමැති මෝදි සියලු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටියේ අත්‍යවශ්‍ය සේවයේ නියුතු අය හැර සියලු දෙනා නිවෙස්වල රැඳී සිටින ලෙසයි.

‘ජනතා ඇඳිරි නීතිය’ නියම කරන වේලාව  මාර්තු 22 ඉරිදා උදේ 7 සිට රාත්‍රී 9 දක්වාය. 

කොරෝනා වෛරසයට එරෙහි පූර්වාරක්ෂාව ලෙස අගමැති මෝදි මෙම 'ජනතා ඇඳිරි නීතිය' ප්‍රකාශයට පත් කළේය.

'ජනතා ඇඳිරි නීතිය' අතරතුර එරට වැසියන්ට පිටතට යා හැක්කේ හදිසි අවස්ථා වලදී හෝ අත්‍යවශ්‍ය සේවාවන් වලට පමණි.

Times of India ඇසුරෙන්

Share

COVID-19 Situation Analysis