RTI

උදයංග වීරතුංග රිමාන්ඩ්

14. 02. 2020 | 7.24pm
Change Language
උදයංග වීරතුංග රිමාන්ඩ්

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා ලබන 17 වැනිදා දක්වා රිමාන්ඩ් කිරීමට කොළඹ කොටුව මහේත්‍රාත් අධිකරණය අද (14) නියෝග කළේය.

ඒ ඔහු අද අලුයම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ගුවන්තොටුපලේ දී අත්අඩංගුවට ගැනීමෙන් පසු සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුවයි.

අද අලුයම 4.37 ට මස්කට් නුවර සිට ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් යානයකින් පැමිණි උදයංග මහතාව සීඅයිඩිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය

පස්වරු 6.45 ට පමණ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

ඒ එම දෙපාර්තුමේන්තුව දිනය පුරා සිකළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුවයි.

2007 – 2009 කාලයේ යුක්‍රේනයෙන් ශ්‍රි ලංකා ගුවන් හමුදාවට මිග් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවට අයුතු ලෙස මැදිහත් වීම සහ රුපියල් කෝටි ගණනාවක් අයථා ලෙස උපයා ගැනීම ඇතුළු චෝදනා කිහිපයක් උදයංග මහතාට එරෙහිව ගොනු කර තිබේ.,

මෙම මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් විමර්ශනය සිදුකළේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය යි.

එම කොට්ඨාසය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඔහු අත්අඩංගුවට ගැනීමට අවස්ථා කිහිපයකදී විවෘත වරෙන්තු නිකුත් කළේය.

උදයංග මහතා අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලීසිය හරහා ද රතු නිවේදන නිකුත් කර තිබිණි.

මීට පෙර එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඔහු අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කිරීමෙන් අනතුරුව මුදා හැරිණි.


Make a Comment