RTI

නීතිපතිගේ බලපෑම පොලිසි⁣ය අහක දමයි

11. 02. 2020 | 8.56pm
Change Language
නීතිපතිගේ බලපෑම පොලිසි⁣ය අහක දමයි

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා මහතා සමග පැවැත්වීයැයි කියන සංවාදයක් සම්බන්ධයෙන් මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා කළ නියෝගය  පිළි නොපදින්නට පොලිසිය තීරණය කර ඇතැයි දැනගන්නට තිබේ.

ඊට හේතුවී ඇත්තේ පිලපිටිය මහතා අත්අඩංගුවට ගැනීමට නීතිපතිවරයා නියෝග කළද ඒ සම්බන්ධයෙන් මේ වන තෙක් සාධාරණ විමර්ශනයක් සිදු නොකිරීමය.

ගිහාන් පිලපිටිය මහතා සම්බන්ධයෙන් අදම (11) අධිකරණයට කරුණු වාර්තා කර අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස නීතිපතිවරයා පොලිස්පතිවරයාට ලිපියක් යොමු කර ඇති අතර එම ලිපිය නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනිය මාධ්‍ය වෙතද මුදාහැර තිබිණි.

මෙය පොලිස්පතිවරයාට කළ අනිසි බලපෑමක් බව පොලිස් මූලස්ථානයේ අදහස බව දැනගන්නට තිබේ.

ගිහාන් පිලපිටිය මහතා සහ රංජන් රාමනායක මහතා අතර සිදුවූ බව කියන සංවාදයක් සම්බන්ධයෙන් රූපවාහිනී නාලිකාවක කළ විකාශයක් ඇසුරෙන් මෙම විමර්ශනය සිදුකරගෙන යන අතර එම හඬපට රංජන් රාමනායක මහතාගේ සහ ගිහාන් පිලපිටිය මහතාගේද යන්න මෙතෙක් නිසි පරීක්ෂණයකින් තහවුරු කරගෙන නොමැත.

එමෙන්ම එම හඬපටය සංස්කරණය කළ එකක්ද යන්න තහවුරු කරගෙන නොමැති තත්ත්වයක් මත මෙලෙස ගිහාන් පිලපිටිය මහතා අත්අඩංගුවට ගැනීමට නියෝග කිරීම නිතීවිරෝධී බව විශ්වාසදායක ආරංචිමාර්ග කියයි.

ගිහාන් පිලපිටිය මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් නීතිපතිවරයා පොලිස්පතිවරයාට මේ වන විට ලිපි 3ක් යොමුකර ඇත.

කෙසේවෙතත් නීති විශාරදයින් ප්‍රකාශ කරනුයේ සංස්කරණය කළාදැයි හෝ එම හඬපට ඔවුන්ගේම යන්න තහවුරු කර නොගත් පෞද්ගලික සංවාද සහිත හඬපට රූපවාහිනී නාලිකාවල විකාශය කිරීම ද නීතිවිරෝධී බවයි.

මේ සම්බන්ධයෙන් නීත්‍යානුකූලව කටයුතු නොකර එම විකාශ ඇසුරෙන් එම හඬ අයත්යැයි කියන පුද්ගලයින්ට එරෙහිව  නීතිමය ක්‍රියාමාර්ග ගැනීම අසාධාරණ බව නීතිඥවරුන් ගේ අදහසයි.

මේ සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පතිවරයා සම්බන්ධ කරගැනීමට medialk.com උත්සාහ කළද පොලිස්පතිවරයා එයට ප්‍රතිචාර දැක්වූයේ නැත

නීතිපතිවරයා පොලිස්පතිවරයාට අද යැවූ ලිපිය 



Make a Comment