RTI

කොරෝනා සීග්‍රයෙන් පැතිරෙයි

06. 02. 2020 | 8.33pm
Change Language
කොරෝනා සීග්‍රයෙන් පැතිරෙයි

මධ්‍යම චීනයේ දැඩි නිරෝධායන හා පාලන ක්‍රමවේදයන් තිබියදීත්, වුහාන් කොරෝනා වෛරසය ආසාදනය වූවන්ගේ සංඛ්‍යාව හා මරණ සංඛ්‍යාව අඛණ්ඩව වර්ධනය වෙමින් පවතී.

බ්‍රහස්පතින්දා (6) වන විට ගෝලීය වශයෙන් තහවුරු වූ රෝගීන් සංඛ්‍යාව 28,275 ක් වූ අතර චීනයෙන් 28,000 කට වඩා වැඩි සංඛ්‍යාවක් වාර්තා වී තිබේ.  පෙර දිනට වඩා චීනයේ රෝගීන් සංඛ්‍යාව 3,694 කින් හෙවත් 15% කින් වර්ධනය විය.  මේ වන විට මරණ 565 ක් වාර්තා වී ඇති අතර ඉන් දෙකක් හැර අනෙක් සියල්ලම චීනයේ සිදුවී ඇති අතර ඉන් එකක් පිලිපීනයේ සහ එක් හොංකොං හි සිදුවී ඇත.

චීනයේ වුහාන් හි අලුත උපන් බිළිඳුන් දෙදෙනෙකුට මෙම වෛරසය ආසාදනය වී ඇති බව චීනයේ සීසීටීවී වාර්තා කරයි. එක් දරුවකුගේ රෝග ලක්ෂණ හඳුනා ගෙන ඇත්තේ පැය 30 ක් වැනි කෙටි කාලයකදීය.

ළදරුවාගේ මවට ද වෛරසය ආසාදනය වී තිබී ඇති අතර, සීසීටීවී පැවසුවේ මෙම වෛරසය “මවගෙන් දරුවාට  සම්ප්‍රේෂණය විය හැකි” බවයි, එහිදී මව වෛරසය ගර්භාෂයෙන් දරුවාට ලබා දෙන බවද සඳහන්.

නැව් දෙකක් නිරෝධනය කෙරෙයි

3,600 කට අධික මගීන් සහ කාර්ය මණ්ඩලය රැගත් World Dream නෞකාව හොංකොං ආසන්නයේ නැංගුරම්ලා තිබේ.

ඒ එම නැවේ සිටි චීනයේ සංචාරකයින් අට දෙනෙකු වෛරසයට ධනාත්මක බව⁣ට තහවුරු වීමෙන් අනතුරුව ය.

ශ්වසන රෝග ලක්ෂණ වාර්තා කළ කාර්ය මණ්ඩල සාමාජිකයින් 33 න් 32 ක්ම වෛරසයට ඍණාත්මක බවට සනාථ වූ අතර එක් අයෙකුගෙ ප්‍රතිඵල ලැබීමට නියමිතව තිබේ. 

කෙසේවෙතත්, හොංකොං සෞඛ්‍ය නිලධාරීන් දිගින් දිගටම ඔවුන්ව පරීක්ෂාවට ලක් කරමින් සිටී.

සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ චුවාං ෂුක්-ක්වාන් පැවසුවේ කාර්ය මණ්ඩල සාමාජිකයින් 33 දෙනෙකු විවිධ මට්ටමේ රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇති අතර රෝහලේ ප්‍රතිකාර ලබා ගැනීම සඳහා කාර්ය මණ්ඩල සාමාජිකයින් තිදෙනෙකු නෞකාවෙන් ඉවත් කළ යුතු බවයි. 

කාර්ය මණ්ඩල සාමාජිකයින් සඳහා වන සියළුම පරීක්ෂණ ප්‍රතිඵල කොරෝනා වයිරසය සඳහා මෙතෙක් ඍණාත්මක වී ඇත.

ජපානයේ ටෝකියෝවට දකුණින් පිහිටි යොකොහාමා වරායේ තවත් නෞකාවක් නැංගුරම්ලා තිබේ.  

Diamond Princess නම් එම නෞකාාව් එක්සත් ජනපදයේ තිදෙනෙකු ඇතුළුව අවම වශයෙන් පුද්ගලයින් 20 දෙනෙකුට වෛරසය වැළදී ඇති බවට තහවුරු වී ඇත.

-CNN ඇසුරෙන්

Make a Comment