RTI

එක්සත් රාජධානිය යුරෝපා සංගමයෙන් ඉවත් වෙයි

01. 02. 2020 | 1.48pm
Change Language
එක්සත් රාජධානිය යුරෝපා සංගමයෙන් ඉවත් වෙයි

වසර 47 ක සාමාජිකත්වයෙන් පසුව එක්සත් රාජධානිය ඊයේ(31) නිල වශයෙන් යුරෝපා සංගමයෙන් ඉවත් විය.

ඒ යුරෝපා සංගමයෙන් ඉවත් විය යුතුද ජනමත විචාරණයෙන් වසර තුනකට වැඩි කාලයක් ගතවී ඇති අතරය.එම ජනමත විචාරණයේදි බහුතරය මනාප පළ කර තිබුණේ යුරෝපා සංගමයෙන් ඉවත් වීමට පක්ෂවයි.

එරට වේලාවෙත් ඊයේ(31) රාත්‍රී 11ට එක්සත් රාජධානිය එම සංගමයෙන් ඉවත් විය.මෙම ඓතිහාසික මොහොත සැමරුම් මෙන්ම බ්‍රෙක්සිට් විරෝධී උද්ඝෝෂණ මධ්‍යයේ සිදුවිය. 

එක්සත් රාජධානියෙන් පිටත්වීමට පැයකට පෙර සමාජ මාධ්‍ය ඔස්සේ නිකුත් කළ පණිවුඩයක අගමැතිවරයා මෙසේ පැවසීය: “බොහෝ දෙනෙකුට මෙය විශ්මය ජනක බලාපොරොත්තුවක්, කිසි දිනෙක නොපැමිණෙනු ඇතැයි ඔවුන් සිතූ මොහොතක්.ඒ සියලු හැඟීම් මට වැටහී ඇති අතර රජය ලෙස අපගේ වගකීම - මගේ වගකීම  - මේ රට දැන් එක්සත්ව ඉදිරියට ගෙන යාමයි."

දේශප්‍රේමී ගීත ගායනා කරමින් බ්‍රෙක්සිට් සැමරීම සඳහා සිය ගණනක් පාර්ලිමේන්තු චතුරශ්‍රයට රැස් වූහ.

 “අපි මීට පෙර කවදාවත් නොකළ පරිදි අද රාත්‍රිය සමරමු.මෙය අපගේ ශ්‍රේෂ්ඨ ජාතියේ නූතන ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම අවස්ථාවයි."බ්‍රෙක්සිට් පක්ෂ නායකයා පැවසීය.

බ්‍රසල්ස් හි යුරෝපා සංගම් කාර්යාලයේ  එක්සත් රාජධානි ධජය ඉවත් කිරීම ද මේ සමග සිදුවිය.

-බීබීසී ඇසුරෙනි

Cover photo:Olivier Hoslet

Make a Comment