RTI

කැරිබියන් රටවල් තුනකට 'අධි අවදානම්' සුනාමි අනතුරු ඇඟවීම්

29. 01. 2020 | 1.36am
Change Language
කැරිබියන් රටවල් තුනකට 'අධි අවදානම්' සුනාමි අනතුරු ඇඟවීම්

කැරිබියානු මුහුදේ ඇති වූ රික්⁣ටර් මාපක 7.3 සිට 7.6 දක්වා වූ භූමිකම්පාවක් හේතුවෙන් ජැමෙයිකාව, කියුබාව සහ කේමන් දූපත් වෙරළ තීරයට “අධි අවදානම් සුනාමි රළ” ඇති විය හැකි බවට අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

මෙක්සිකෝවේ හොන්ඩුරාස් හි බෙලීස් සඳහා ද ජාත්‍යන්තර සුනාමි තොරතුරු මධ්‍යස්ථානය සුනාමි අනතුරු ඇඟවීමක් කර තිබේ.

එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (යූඑස්ජීඑස්) අද(30) ජැමෙයිකාව සහ කියුබාව අතර සමුද්‍ර සන්ධියේ භූමිකම්පාවක් වාර්තා කළේය.

කිලෝමීටර 10 ක ගැඹුරකින් යුත් මෙම භූමිකම්පාව ජැමෙයිකාවේ වයඹ දෙසින් කි.මී. 117 කින් සිදු වි ඇතැයි වාර්තා විය.

භූමිකම්පාව මුලින් රික්⁣ටර් මාපක 7.3 ක් ලෙස වාර්තා වූ නමුත් දැන් එය 7.7 දක්වා ඉහළ නංවා ඇත.

-RT පුවත් ඇසුරෙන් 

Make a Comment