RTI

ලාසා වයිරසයෙන් නයිජීරියාවේ 29ක් මරුට

28. 01. 2020 | 5.03pm
Change සිංහල | தமிழ் | English
ලාසා වයිරසයෙන් නයිජීරියාවේ 29ක් මරුට

'ලාසා' (Lassa) නම් වෛරස් රෝගයක් පැතිරීමෙන් නයිජීරියාවේ පුද්ගලයින් 29 දෙනෙකු මිය ගොස් 195 ක් ආසාදනය වී ඇති බව වාර්තා වේ. ඇති බව අල්ජසිරා පුවත් සේවය වාර්තා කරයි.

මේ සමගම බටහිර අප්‍රිකානු රටවල ලාසා උණ පැතිරීම වැළැක්වීම සඳහා නයිජීරියානු බලධාරීන් හදිසි පියවර වැඩි කර තිබේ.

 “2020 ජනවාරි 24 වන විට ප්‍රාන්ත 11 ක රෝගීන් 195 ක් වාර්තා වී ඇති අතර මරණ 29 ක් වාර්තා වී තිබේ” යැයි නයිජීරියාවේ රෝග පාලන මධ්‍යස්ථානය (එන්සීඩීසී) සෙනසුරාදා ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය.

අල්ජසිරා ඇසුරෙනි

Author - Staff writer
Staff writer
Make a Comment