කිසිම රටක් චීනයට සම්පූර්ණ සංචාරක තහනමක් පනවා නෑ

28. 01. 2020 | 11.56am
කිසිම රටක් චීනයට සම්පූර්ණ සංචාරක තහනමක් පනවා නෑ

ලෝකයේ බොහෝ රටවල් චීනයේ සිට පැමිණෙන පිරිස්වලට තහනමක් පනවා ඇති බවට සමාජ මාධ්‍ය ජාල හරහා පැති⁣රෙන පුවත් අසත්‍ය බව පෙනී යයි.


ඒ අතර පකිස්තානය සහ මැලේසියාව ඇති බවට සඳහන් වූවද මෙ වන තෙක් පකිස්තානය එවන් තීරණයක් ගෙන නැත.

එක ට්විටර් පණිවුඩයක් වරදවා හුවා දක්වමින් "චීන සංචාරකයන්ගේ පැමිණිම පකිස්තානය තහනම් කරයි" බවට සමාජ මාධ්‍ය හරහා පුවත් පතුරවමින් සිටී.නමුත් එම ට්විටර් පණිවිඩයේ සඳහන් වන්නේ "පකිස්තානය චීනයේ සිට පැමිණෙන සංචාරකයන් රටට ඇතුළු විම තහනම් කළ යුතුයි" වශයෙනි.


එහි Original ට්විටර් පණිවිඩය 


මේ වන විට මැලේසියාව පවා චීනයට සම්පූර්ණ සංචාරක තහනමක් පනවා නැත.මැලේසියාව තාවකාලික සංචාරක තහනමක් පනවා ඇත්තේ චීනයේ හුබෙයි පළාත සඳහා පමණි.

නමුත් චීනයේ සංචාරකයින් සඳහා සංචාරක තහනමක් පනවන ලෙස ඉල්ලමින් එරට පිරිසක් විසින් පෙත්සමක් අත්සන් කරමින් සිටී.

ඇමෙරිකාවද මේ වන තෙක් සංචාරක තහනමක් චීනයේ සිට එන සංචාරකයින් සඳහා පනවා නැත.නමුත් එලෙස තහනමක් පනවන ලෙසට යෝජනා ඉදිරිපත් වී තිබේ.

මිසූරි රිපබ්ලිකානුවෙකු වන සෙනෙට් සභික ජොෂ් හැව්ලි ට්විටර් පණිවුඩයක් මගින් තහවුරු කර ඇත්තේ චීනයේ කොරෝනා වෛරසයෙන් බලපෑමට ලක් වූ ප්‍රදේශවලින් එන සංචාරකයින්ට තාවකාලික ගමන් තහනම් කිරීම අවශ්‍ය විය හැකිදැයි සහ එසේ නම් ඇමරිකානු සංචාරකයින්ට දැනුම් දෙන්නේ කවදාදැයි ප්‍රශ්න කරමින් කැබිනට් ලේකම්වරුන් හතර දෙනෙකුට ලිපියක් යවා ඇති බවයි. 

එම ට්විටර් පණිවිඩය 


ඉන්දූනීසියාව පවා ප්‍රකාශ කර ඇත්තේ කොරෝනා වෛරසය මධ්‍යයේ වුව චීන සංචාරකයින් සඳහා තම රට විවෘත බවයි.මේ වන තෙක් මුළු චීනයටම සංචාරක තහනමක් පැනවීම සම්බන්ධයෙන් කිසිදු තීරණයක් ගෙන නැති බව ජකාර්තා පෝස්ට් වෙබ් අඩවිය පවසයි.

අනෙක් රටවල් චීනයේ සිට පැමිනෙන තම සියලු පුරවැසියන් දින 14ක නිරෝධනයට යටත් කර ඇති බවට තවත් අසත්‍ය ප්‍රචාරයක් පැතිරෙයි.

ඇමෙරිකාව ද මේ වන විට අනුගමනය කරන්නේ ලංකාවෙ මෙන්ම ගුවන්තොටුපළ තිරගත (Screen) පරීක්ෂණයකි.ඉන් රෝග ලක්ෂණ නැති බවට හඳුනාගැනෙන පුද්ගලයින්ට තම ගමනාන්තය දක්වා යාමට අවස්ථාව හිමිවෙයි.

වෛරසය අසාදිතබව හඳුනාගතහොත් පමණක් රෝහල්ගත කෙරේ.

මේ සම්බන්ධයෙන් වොෂින්ටන් පෝස්ට් සිදු කළ වාර්තාව

"වුහාන් සිට එක්සත් ජනපදයට ගුවන් ගමන් නැවත ආරම්භ වූ පසු,  ඇට්ලන්ටා, චිකාගෝ, ලොස් ඇන්ජලීස්, නිව් යෝර්ක් සහ සැන් ෆ්රැන්සිස්කෝ යන ගුවන්තොටුපළවල් වෙත එම සංචාරකයින් ගෙන්වා ගැනීමට සැලසුම් කර ඇති අතර එහිදී වෛරසය සඳහා තිරගත (Screen) පරීක්ෂාවට ලක් කෙරේ.ඔවුන් එම පරීක්ෂණයෙන් රෝග ලක්ෂණ නැති බවට තහවුරු වුවහොත් ඔවුන්ගේ අවසන් ගමනාන්තය දක්වා යාමට ඔවුන්ට ඉඩ දෙන බව එක්සත් ජනපදයේ රෝග පාලන මධ්‍යස්ථානවල නිලධාරීහු පවසති.

එම ගුවන්තොටුපළ පහෙන් එකකට එක්සත් ජනපදයට නොපැමිණි වුහාන් හි මගීන්ට වෛරසය පිළිබඳ තොරතුරු ලබා දී ඇති අතර ඔවුන් ආසාදනය වී ඇතැයි සිතන්නේ නම් ඔවුන් කළ යුත්තේ කුමක්ද යන්න පිළිබඳ විස්තර ලබා දී ඇතැයි රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානයේ(CDC)  ප්‍රකාශකයෙක් පැවසීය.

පසුගිය සතියේ සිට, ජෝන් එෆ් කෙනඩි, ලොස් ඇන්ජලීස් සහ සැන් ෆ්රැන්සිස්කෝ ජාත්‍යන්තර ගුවන්තොටුපළවල් වෙත පැමිණි වුහාන් හි සංචාරකයින්ට ඔවුන්ගේ උෂ්ණත්වය උෂ්ණත්වමානයකින් පරීක්ෂා කිරීම ඇතුළුව වැඩි දියුණු කළ සෞඛ්‍ය පරීක්ෂණවලට භාජනය කළ යුතුය.  මේ සතියේ සෞඛ්‍ය නිලධාරීන් ඇට්ලන්ටා හි හාර්ට්ස්ෆීල්ඩ්-ජැක්සන් සහ චිකාගෝ හි ඕ’හෙයාර් ජාත්‍යන්තර ගුවන්තොටුපළ ද එම ලැයිස්තුවට එක් කළහ. එම ගුවන් තොටුපලවල තිරගත පරීක්ෂණ කිරීම් බදාදා ආරම්භ විය.

සීඩීසී නිලධාරීන් පැවසුවේ සංචාරකයින් 1200 කට වැඩි සංඛ්‍යාවක් පරීක්ෂාවට ලක් කර ඇති බවයි.

තිරගත කිරීම්වල කොටසක් ලෙස, සංචාරකයින්ගෙන් ඔවුන්ගේ ගමන් බිමන් පිළිබඳව විමසනු ලබන අතර ඉහළ ශරීර උෂ්ණත්වය ඇතුළු වෛරසයට සම්බන්ධ රෝග ලක්ෂණ තිබේදැයි විමසනු ඇත.

රෝග ලක්ෂණ නැති බවට පෙනෙන පුද්ගලයින් ඔවුන් පරිදි ගමනාන්තය දක්වා යවනු ලැබේ.ඒ ඔවුන්ට අදාළ උපදෙස් ලබාදීමෙන් අනතුරුව යි.

ඔවුන් රෝග ලක්ෂණ පෙන්වීමට පටන් ගන්නේ නම් ඔවුන් කළ යුත්තේ කුමක්දැයි එහිදී උපදෙස් දෙයි. මෙහිදි  ඉහළ උෂ්ණත්වයක් ඇති අය කොරෝනා වයිරසය ආසාදනය වී ඇත්දැයි සහ රෝහල් ගත කළ යුතුද යන්න තීරණය කිරීම සඳහා අමතර පරීක්ෂණ සඳහා රඳවා තබාගනු ලබයි.

වෛරසය පැතිරීම නැවැත්වීම සඳහා ගුවන්තොටුපල පරීක්ෂාව ඵලදායීද යන්න පිළිබඳව මහජන සෞඛ්‍ය නිලධාරීන්ට විවිධ මත තිබේ."

මේ සම්බන්ධයෙන් වොෂින්ටන් පෝස්ට් සිදු කළ තවත් වාර්තාවක්

"එක්සත් ජනපදයේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය විසින්  සංචාරක අනතුරු ඇඟවීම සඳුදා එහි ඉහළම අනතුරු ඇඟවීමේ මට්ටම වන 3 වන මට්ටම දක්වා ඉහළ නංවා ඇති අතර, ඇමෙරිකානු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටියේ චීනයට යන සියලු අත්‍යවශ්‍ය සංචාර වලින් වළකින ලෙසයි.

එක්සත් ජනපදයේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානයට අනුව, චීනයේ සිට රට තුළට ගමන් කරන සියලුම මගීන් පාහේ හැසිරවිය හැකි ගුවන්තොටුපල 20 ක තිරගත පරීක්ෂණ සඳහා එක්සත් ජනපද රජය කාර්ය මණ්ඩලය වැඩි කරමින් සිටී. 

ලොස් ඇන්ජලීස්, සැන් ෆ්රැන්සිස්කෝ, සැන් ඩියාගෝ, සියැටල්, හොනොලුලු, බොස්ටන්, නිව් යෝර්ක්, ෆිලඩෙල්ෆියා, වොෂිංටන්, ඇට්ලන්ටා, මියාමි සහ හූස්ටන් ඇතුළු වරාය 20 ක නිරෝධායන පහසුකම් සීඩීසී සතුව ඇත.

රෝග ලක්ෂණ ඇති බවට පෙනි යන  ඕනෑම මගියෙකුට අමතර පරීක්ෂාවක් ලැබෙනු ඇත.

අමෙරිකාව මේ වන තෙක් එරට පුරවැසියන්ට අනතුරු ඇඟවීම් නිකුත් කර තිබුණේ චීනයේ හුබෙයි පළාත⁣ට සංචාරය කිරිම ගැන නැවත සලකා බලන ලෙසයි.සංචාරය කිරීම තහනම කර නැත.එම අනතුරු ඇඟවීම් මුළු චීනය සඳහාම පැනවීමට සීඩිසිය බල කර තිබේ.

චීනයේ හුබෙයි පළාතට ‘සියලු සංචාර වලින් වළකින්න’ යනුවෙන් කැනඩාව පුරවැසියන්ගෙන් ඉල්ලා සිටී

ටොරොන්ටෝ - කැනේඩියානු රජය චීනයේ හුබෙයි පළාත සඳහා සඳුදා සිය සංචාරක අනතුරු ඇඟවීම ඉහළම අවදානම් මට්ටම දක්වා ඉහළ නංවා ඇති අතර, වුහාන්, හුආන්ගාං සහ එෂෝ නගර ඇතුළු ප්‍රදේශයට “සියලු සංචාර වලින් වළකින්න” යනුවෙන් පුරවැසියන්ට උපදෙස් දී තිබේ."

සංචාරක තහනම සහ නිරෝධනය සම්බන්ධයෙන් වැඩි විස්තර සඳහා පහත පුවත් කියවන්න.(එම පුවත් සියල්ල විශ්වසනීය Credible/Verified පුවත් වෙබ් අඩවිවල මේ සම්බන්ධයෙන් පළ වු පුවත්වල බව සලකන්න)

වොෂින්ටන් පෝස්ට් - 

www.washingtonpost.com/local/trafficandcommuting/

https://www.washingtonpost.com/world/coronavirus-chin

රොයිටර්-

https://mobile.reuters.com/article/amp/idUSKBN1ZQ0OZ

නිව්යෝක් ටයිම්ස්-

https://www.nytimes.com/reuters/2020/01/27/world/asia/html

USA TODAY -

https://www.google.com/amp/s/amp.usatoday.com/amp/4562349002

Share

COVID-19 Situation Analysis