'චීන කාන්තාව ලංකාවේ සංචාරයට පැමිණ ඇත්තේ කණ්ඩායමක් සමගයි'

Staff Writer | Author . පරිවර්තනය කරන්න සිංහල හෝ தமிழ் 27. 01. 2020 | 8.45pm
'චීන කාන්තාව ලංකාවේ සංචාරයට පැමිණ ඇත්තේ කණ්ඩායමක් සමගයි'

Update: කොරොනා වයිරසය අසාදිත බවට තහවුරු වී සිටින චීන ජාතික කාන්තාව සංචාරක කණ්ඩායමක් සමඟ පැමිණි ඇති බවත් ඇය සංචාරය අවසන් කර ශ්‍රී ලංකාවෙන් පිටත්ව යාමට මොහොතකට පෙර උණ රෝගය උත්සන්න වී ඇති බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පවසයි.

ඈ සමග පැමිණි අනෙක් සංචාරකයින් මේ වන විට චීනය බලා පිටත්ව ගොස් ඇති බව ද ඒ මහතා පැවසීය.

ඇය නවාතැන් ගෙන සිටි හෝටල් මේ වන විට හඳුනාගෙන ඇති බවත් එම හෝටල්වල නැවතී සිටි පුද්ගලයින් පරීක්ෂා කිරීමට සහ උපදෙස් ලබාදීමට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සහ ප්‍රාදේශීය වසංගත විද්‍යාඥයින් ඇතුළු පිරිස් පියවර ගන්නා බව ද ඒ මහතා කීය.

January 27-8.45pm : ලංකාවට ආ චීන කාන්තාවකට කොරෝනා වෛරසය වැළදී ඇතැයි තහවුරු වෙයි

චීනයේ හුබෙයි පළාතේ සිට පැමිණි අංගොඩ පිහිටි බෝවන රෝග විද්‍යාතයතනයට (IDH රෝහල) ඇතුළත් කළ චීන ජාතික කාන්තාවකට කොරෝනා වයිරසය ඇති බව තහවුරු වෙයි.

මෙය අනියත බියකට නොව විමසිලිමත් වීමට කාලය බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පවසයි.

IDH රෝහලෙහි රෝගීන් නිරෝධායනයට කටයුතු සියල්ල සූදානම් බවත් රෝගියා ගේ ආශ්‍රිතයින් පරික්ෂා කිරීමට වහා පියවර ගන්නා බවත් එම කාර්යංශය කියයි.

කොරෝනා වෛරසය වැළදී ඇති ප්‍රථම රෝගියා තහවුරු වීමත් සමග මහජනයා  අතර අනියත බියක් ඇති කිරීම සඳහා සමාජ  මාධ්‍ය ජාල පිටු සහ ගිණුම් ක්‍රියාකරන්නන් උත්සාහ කිරීමට පුළුවන.මෙම තත්ත්වය මධ්‍යයේ  කොරෝනා වෛරසය ආශ්‍රිත නිල සහ තහවුරු කරන ලද තොරතුරු ලබාගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ නිල ෆේස්බුක් පිටුව හරහා හැකියාව පවතී.

Share