RTI

රුධිර සාම්පල පරීක්ෂා කළ අයට කොරෝනා වෛරසය නැහැ-MRI

25. 01. 2020 | 6.25pm
Change සිංහල | தமிழ் | English
රුධිර සාම්පල පරීක්ෂා කළ අයට කොරෝනා වෛරසය නැහැ-MRI

Update : රුධිර සාම්පල පරීක්ෂාවේදී ඔවුන්ට කොරෝනා වෛරසය වැළඳී නොමැති බව තහවුරු වී ඇත.

Update : කොරෝනා වෛරසය වැළදී ඇති බවට සැක කරන ලද පුද්ගලයින් සිව්දෙනෙකුගේ රුධිර සාම්පල බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයට(MRI) යොමු කෙරේ.

කොරෝනා ආසාදිතයින් බවට 'සැකකරන' දෙදෙනෙක් IDH රෝහලට

චීනයෙන් ආරම්භ වූ කොරෝනා වෛරසය ආසාදනය වූ බවට සැක පළ කෙරෙන කාන්තාවන් දෙදෙනකු අංගොඩ පිහිටි ජාතික බෝ වන රෝග විද්‍යායතනයට(IDH) ඇතුළත් කර ඇත.

චීන හා ශ්‍රී ලාංකික කාන්තාවක් මෙලෙස එම රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන්ට වැළදී ඇත්තේ කොරෝනා වයිරසය ද යන්න මෙතෙක් සනාථ වී නැත.

එම කාන්තාවන්ට වැළදී ඇත්තේ කොරෝනා වෛසරය ද යන්න සනාථ කර ගැනීමට රුධිර සාම්පල බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත යොමු කර තිබේ.

කොරෝනා රෝගීන් මෙතෙක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වී තිබුණේ නැත.

Author - Staff writer
Staff writer
Make a Comment