අජිත් ප්‍රසන්න රිමාන්ඩ් - මානසික වාර්තාවක් කැඳවයි

Staff Writer | Author . පරිවර්තනය කරන්න සිංහල හෝ தமிழ் 24. 01. 2020 | 4.01pm
අජිත් ප්‍රසන්න රිමාන්ඩ් - මානසික වාර්තාවක් කැඳවයි

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැඳවුම්කරු අජිත් ප්‍රසන්න මහතා ලබන 7 වැනිදා දක්වා රිමාන්ඩ් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු  ධම්මික ගනේපොල මහතා අද(24) නියෝග කළේය.

අධිකරණයේ විභාග වන නඩු සම්බන්ධයෙන් වැරදි තොරතුරු සමාජ ගත කරන්නේ යම් මානසික තත්ත්වයක් නිසාදැයි සොයා බලන ලෙස නීතිපති දෙපාර්තමේන්තුව මෙහිදි ඉල්ලීමක් කළේය.

එම ඉල්ලීම පිළිගත් කොළඹ මහාධිකරණය අජිත් ප්‍රසන්න මහතා සම්බන්ධයෙන් මානසික වාර්තාවක් කැඳවන ලෙසට ද නියම කළේය.

Share