වැඩ තහනම් කළ යුතු තවත් රහස් පොලිස් නිලධාරියෙක් ගැන තොරතුරු එළියට

Staff Writer | Author . පරිවර්තනය කරන්න සිංහල හෝ தமிழ் 09. 01. 2020 | 1.49am
වැඩ තහනම් කළ යුතු තවත් රහස් පොලිස් නිලධාරියෙක් ගැන තොරතුරු එළියට

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු පිරිසක් වෙඩි තබා ඝාතනය කිරීමේ නඩුවට අදාලව අධිකරණයේ පෙනී නොසිටීම නිසා වැඩතහනමට ලක්වූ සහ ඇවන්ගාඩ් නඩුවේ කරුණු විකෘති කිරීමේ සිද්ධියක් නිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවත් කළ සහකාර පොලිස් අධිකාරී මෙරිල් රංජන් ළමාහේවා මහතා යළිත් වරක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පත් කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සංවේදී විමර්ශන රැසක් සිදු කරන ප්‍රධාන අංශ කිහිපයක් මෙරිල් රංජන් ළමාහේවා මහතාට භාර දී ඇතැයි දැනගන්නට තිබේ. මෙරිල් රංජන් ළමාහේවා යනු වැලිකඩ බන්ධනාගාරයේ නිරායුධ සිරකරුවන් පිරිසක් වෙඩි තබා ඝාතනය කිරීමේ නඩුවේ විත්තිකරුවකු වන හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා මහතාගේ සහෝදරයෙකි. 

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු පිරිසක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන පවත්වද්දී එම විමර්ශනය කළ පොලිස් ඒකකයේ ස්ථානාධිපති ලෙස කටයුතු කළේ එවකට ප්‍රධාන පොලිස් පරීක්ෂක මෙරිල් රංජන් ළමාහේවා මහතාය. 

සිද්ධියේ සැකකරුවකු වූ ආර් දුමින්ද සිල්වා සිංගප්පූරුවේ මවුන්ත් එළිසබෙත් රෝහලේ ප්‍රතිකාර ලැබූ බව කියන වකවානුවේ ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට සිංගප්පූරුවට ගියේ මෙරිල් රංජන් ළමාහේවා මහතා වන අතර දුමින්ද සිල්වාට කිසිවක් මතක නැති බවට සහටන් කරගෙන ඔහු පැමිණ තිබිණි.

2012 අප්‍රේල් මස 04 වැනි දා මෙම නඩුව මහේස්ත්‍රාත් අධිකරණයේ කැඳවූ අවස්ථාවේ දී රහස් පොලිසිය වෙනුවෙන් පෙනී සිටිය යුතු මෙරිල් රංජන් ළමාහේවා මහතා උසාවියේ සිට නැති අතර ඒ ගැන දෝෂාරෝපනයක් එල්ල කළ මහේස්ත්‍රාත්වරයා ඔහුට පෞද්ගලිකව අප්‍රේල් 17 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කළේය. 

ලංකාදීප සහ ඩේලිමිරර් පුවත්පත් ඒ සම්බන්ධයෙන් පළ කළ වාර්තා පහත දැක්වේ.



මේ සම්බන්ධයෙන් එවකොට පොලිස්පති එන් කේ ඉලංගකෝන් මහතාගේ නියමයෙන් විමර්ශනයක් සිදු කළ අතර එහිදී අනාවරණය වී ඇත්තේ මෙරිල් රංජන් ළමාහේවා මහතා භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුවට අධිකරණයේ පෙනී නොසිට ඇත්තේ ඊට පෙනී සිටින බව දන්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගොස් තිබිය දී බවයි. 

එම විමර්ශනය ගැන ඩේලි මිරර් පුවත්පතේ සහ ද අයිලන්ඩ් පුවත්පතේ පළ වූ වාර්තා පහත දැක්වේ.



මෙම විමර්ශනවලින් පසු මෙරිල් රංජන් ළමාහේවා මහතාගේ වැඩ තහනම් කළ අතර පසුව ආරක්ෂක අමාත්‍යංශයෙන් ඔහු යළි සේවයේ පිහිටවනු ලැබීය.

මෙරිල් රංජන් ළමාහේවා පොලිස් සේවයට එක්වී ඇත්තේ උප සේවා උප පොලිස් පරීක්ෂකවරයකු ලෙසය. උප සේවා උප පොලිස් පරීක්ෂකවරයකු ලෙස වැල්ලම්පිටිය පොලිසියේ සේවය කර ඇති ඔහු දුමින්ද සිල්වා මහතා සහ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා හොඳින් හඳුනන බව පොලිසිය කියයි. 2006 වසරේ පෙබරවාරි මස හය වැනි දා  ඔහු පොලිස් පරීක්ෂක ධුරයට උසස්වී ඇති අතර පසුව 2010 වසරේ දී ආරක්ෂක අමාත්‍යංශයේ විශේෂ අනුමැතියක් යටතේ ඔහුගේ පොලිස් පරීක්ෂක උසස්වීම 2001 අප්‍රේල් පළමු වැනි දාට පෙරදාතම කර තිබේ. ඒ අනුව එම විශේෂ අනුමැතිය ලද ලිපියෙන්ම ඔහු ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු ලෙස 2006 ජනවාරි පළමු වැනි දා සිට ක්‍රියාත්මක වන පරිදි උසස් කිරීමට ද අනුමැතිය ලබා දී තිබේ.

2010 අප්‍රේල් 19 වැනි දා ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ වෙනුවට අතිරේක ලේකම් (පොලිස්) එච් කේ බාලසූරිය විසින් එම අනුමැතිය සහිත ලිපිය නිකුත් කර තිබේ.  ආරක්ෂක ලේකම්ගේ අනුමැතිය ලැබුණු හෙයින් ඔහුගේ පොලිස් පරීක්ෂක ධුරය පෙරදාතම කර ප්‍රධාන පොලිස් පරීක්ෂක ධුරයට උසස් කිරීමේ විශේෂ පොලිස් පණිවුඩය 2010 අප්‍රේල් 27 වැනි දා දුරකතන පණිවුඩ අංක 805 යටතේ ජ්‍යෙෂ නියෝජ්‍ය පොලිස්පති (පරිපාලන) ගේ පෞද්ගලික සහකාර ලෙස සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලක්ෂ්මන් බණ්ඩාර මහතා විසින් නිකුත් කරනු ලැබ තිබේ.

ආරක්ෂක අමාත්‍යංශයේ ලිපිය සහ උසස්වීම් නියෝගය පහත දැක්වේ.



2015 දී ඇවන්ගාඩ් පාවෙන අවි ගබඩාව සොයා ගැනීමත් සමඟ එහි විමර්ශන රහස් පොලිසියට පැවරූ අතර එම විමර්ශන යන අතරතුර දී නීතිපති දෙපාර්තමේන්තුව නාවික හමුදාවේ වාර්තාවක් විමසා ඇති අතර මෙරිල් රංජන් ළමාහේවා ප්‍රකාශ කර ඇත්තේ එම වාර්තා නාවික හමුදාවෙන් ලබා දී නැති බවයි. කෙසේ වෙතත් නාවික හමුදාවෙන් එය විමසද්දී නාවික හමුදාව ප්‍රකාශ කර ඇත්තේ එම වාර්තාව රහස් පොලිසියේ මෙරිල් රංජන් ළමාහේවාට ලබා දී ඇති බවයි. 

එම සිද්ධියෙන් පසු නීතිපති දෙපාර්තමේන්තුවේ ඇවන්ගාඩ් සිද්ධිය ගැන පැවැති සාකච්ඡාවක දී ගිනිඅවිවල අංක මකා දැමීම ගැන විමර්ශන නොකරන්නේ ඇයිදැයි විමසා තිබෙන අතර එහිදී මෙරිල් රංජන් ළමාහේවා ප්‍රකාශ කර ඇත්තේ ගිනි අවි නැවේ තිබියදී නැව පැද්දෙද්දී ගිනිඅවි දෙපැත්තට ගොස් ඒවා මැකෙන්නට ඇති බවයි. වගකීම් විරහිත සහ විමර්ශන නොමග යවන එම ප්‍රකාශයෙන් පසු මෙරිල් රංජන් මහතා විමර්ශනවලින් ඉවත් කරන ලෙස නීතිපති දෙපාර්තමේන්තුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබේ.

ඒ අනුව ඔහු අදාළ විමර්ශනවලින් ඉවත් කර යාපනයේ පිහිටි රහස් පොලිස් ශාඛාව භාරව යවා තිබේ. එසේ ගොස් දින කිහිපයකින් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ ප්‍රභලයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියකුට කතා කර තම මිතුරකුගේ හිතවතකු වන මෙරිල් රංජන් ළමාහේවා යාපනයට යැවීම ගැන විමසා තිබේ. එම ඇමැතිවරයාගේ හිතවතා ඇවන්ගාඩ් නඩුවේ සැකකරුවකු වන නිශ්ශංඛ සේනාධිපති බවට අනාවරණය වීමෙන් පසු ඒ ගැන සටහන් යොදා ඇති රහස් පොලිස් ප්‍රධානීහු මෙරිල් රංජන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවත් කරන ලෙස පොලිස්පතිවරයාට නිර්දේශ කර තිබේ. ඒ අනුව මෙරිල් රංජන් ළමාහේවා රහස් පොලිසියෙන් ඉවත් කර ඇත.

එසේ ඉවත් කළ ඔහු පසුගිය ආණ්ඩු පෙරලියත් සමඟ වහාම ක්‍රියාත්මක වන පරිදි යළිත් වරක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ස්ථාන මාරු කර තිබේ. එලෙස යළිත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි මෙරිල් රංජන් මහතාට එම දෙපාර්තමේන්තුවේ වැදගත් අංශ කිහිපයක් අධීක්ෂණය කිරීමට භාර දී ඇත. 

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ නිවසින් සොයා ගත් නඩු භාණ්ඩ අතර තිබූ හඬ පට කිහිපයක් ජනමාධ්‍ය ඔස්සේ ප්‍රචාරණය කළ අතර එහි එක් හඬපටයකින් කියැවෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා සමඟ මෙරිල් රංජන් ළමාහේවාද දුකරතනයෙන් කතා කර ඇති බවයි. මෙරිල් රංජන් මහතා රංජන් රාමනායක මහතාට අමතරව හිරුණිකා ප්‍රේමචන්ගේ මව සමඟ ද කතා කර ඇති බව එම හඬ පටයෙන් කියැවේ. රංජන් රාමනායකගේ හඬපටයේ කියැවෙන පරිදි මෙරිල් රංජන් ළමාහේවා රංජන්ට කියා ඇත්තේ ශානි අබේසේකර සිටින්නේ ගෝඨාභය රාජපක්ෂ සමඟ බවයි.  ගෝඨා සමඟ ඩීල් ගැසීම නිසා ශානි අබේසේකරලාට තනතුරු ලැබුණු බව මෙරිල් රංජන් ප්‍රකාශ කළැයි රංජන් රාමනායක එම හඬපයෙන් ප්‍රකාශ කරයි.  එම හඬ පටය අනුව ශානි අබේසේකර රංජන් රාමනායකට දැනුම් දෙන්නේ එම තොරතුරු ලබා ගෙන තමා සම්බන්ධයෙන් සොයා බලා තීරණයක් ගන්නා ලෙසයි. ශානි එලෙස ප්‍රකාශ කරන්නේ ඔහුගේ අතේ කිසිම වරදක් නැති නිසා බවට පෙනී යන්නේ යැයි පොලිසිය පවසයි. 

මෙරිල් රංජන් දිවයින පුවත්පතට බොරු වාර්තාවක් සැපයීයැයි ද හඬ පටයක කියැවේ. 

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන රංජන් රාමනායක මහතා සමඟ කතා කිරීම නිසා ශානි අබේසේකරගේ වැඩ තහනම් කළේ නම් එමිල් රංජන් ළමාහේවාගේ ද වැඩ තහනම් කළ යුතු බව පොලිසියේම පිරිස් පවසති. 

//මෙරිල් රංජන් සම්බන්ධයෙන් අයිලන්ඩ් පුවත්පතේ පළ වූ වාර්තාවක් පහත දැක්වේ.//

Bharatha Killing: Inquiry against sleuth missing from court


April 5, 2012, 9:44 pm

By Norman Palihawadana

Inspector General of Police N. K. Illangakoon yesterday ordered an inquiry against a senior Criminal Investigations Department officer over his failure to attend court on Wednesday (04) when the magisterial inquiry into Bharatha Lakshman Premachandra killing came up for hearing.

When the case was previously taken up on March 27 Colombo Additional Magistrate Prasanna Alwis, who is presiding over the mag isterial inquiry into the killing of Presidential Trade Union Advisor and former Colombo District Parliamentarian Premachandra, directed the CID to ascertain the whereabouts of Duminda Silva MP and inform court on the next date, April 4.

Magistrate Alwis Wednesday ordered that Chief Inspector Merrill Ranjan Lamahewa be present in Court on April 17 to explain his absence.

The Police Headquarters yesterday confirmed that CI Lamahewa, in charge of Unit 111 of the CID, had been assigned to appear in the case, but he had not been present when the case was called.

IGP Illangakoon has ordered a Superintendent of Police to inquire into his absence. On the basis of the findings of that inquiry disciplinary action would be instituted against the officer, he has said.//

Share