RTI

ශ්‍රීලංකන් යානා ඉරාන-ඉරාක සීමාව මගහරියි

08. 01. 2020 | 2.55pm
Change සිංහල | தமிழ் | English
ශ්‍රීලංකන් යානා ඉරාන-ඉරාක සීමාව මගහරියි

පර්සියානු ගල්ෆ් කලාපයේ සහ ඉරානය ආසන්නයේ පවතින අර්බුදකාරී තත්ත්වය සැලකිල්ලට ගනිමින් කටුනායක ගුවන්තොටුපළ සිට ලන්ඩන් නුවර දක්වා පියාසර කරන ගුවන් යානාවල ගුවන් පථය වෙනස් කිරීමට ශ්‍රී ලංකන් ගුවන් සේවය තීරණය කර තිබේ.

මේ අනුව ඉරාන සහ ඉරාක ගුවන් අවකාශය මග හැර පියාසර කිරීමට තීරණය කර ඇත.


එමෙන්ම ඉරානයේ සිට ගමන් ආරම්භ කළ යුක්‍රේනියානු ගුවන් යානයක් කඩා වැටී මගීන් සහ කාර්ය මණ්ඩලයේ සියලු දෙනා මිය ගොස් තිබිණි. 'කාර්මික දෝෂයක්' නිසා එම අනතුර සිදුවූ බවට නිලධාරීහු සැක පළ කරති.

වාණිජ ගුවන් යානා මිලිටරි ගුවන් යානා ලෙස වරදවා වටහා ගැනීමේ අවදානම උපුටා දක්වමින් ඉරාන ගුවන් සීමාවට ඇතුළු නොවන ලෙස ඇමෙරිකාව ද තම ගුවන් සමාගම්වලට දැනුම් දී තිබේ. 

Author - Staff writer
Staff writer
Make a Comment