ඉරානය ඇ⁣මෙරිකානු හමුදා සිටින කඳවුරුවලට පහර දෙයි

Staff Writer | Author . පරිවර්තනය කරන්න සිංහල හෝ தமிழ் 08. 01. 2020 | 7.20am
ඉරානය ඇ⁣මෙරිකානු හමුදා සිටින කඳවුරුවලට පහර දෙයි

ඉරානය ඉරාකයේ පිහිටි අමෙරිකානු හමුදා රැදී සිටින හමුදා කදවුරු දෙකකට ප්‍රහාර එල්ල කර ඇති බව සීඑන්එන් පුවත් සේවය වාර්තා කරයි.

සිය හමුදා ප්‍රධානියාගේ ඝාතනයට පළිගැනීමක් ලෙස මෙම ප්‍රහාරය සිදු කළ බව ඉරානය ප්‍රහාරයෙ වගකීම බාරගනිමින් ප්‍රකාශ කර තිබේ.

එම කඳවුරුවලට බැලැස්ටික් මිසයිල 10 ක් පමණ එල්ල කර ඇතැයි වාර්තා වෙයි.

ඇමෙරිකානු නිලධාරියෙකු සීඑන්එන් වෙත පවසා තිබෙන්නේ කිසිදු හානියක් පිළිබඳ මූලික වාර්තා නොමැති නමුත් ප්‍රහාරයේ බලපෑම පිළිබඳ තක්සේරුවක් සිදු වෙමින් පවතින බවයි.

ප්‍රහාරයෙන් අයින් අල් අසාද් ගුවන් කඳවුරේ තුවාල ලැබූවන් සිටින බව ඉරාක ආරක්ෂක ආරංචි මාර්ග සීඑන්එන් වෙත පවසා ඇත.  

තුවාල ලැබූ සංඛ්‍යාව සහ ඝාතනයට ලක්වූවන් ඇත්දැයි යන්න ක්ෂණිකව පැහැදිලි නැති බවද සඳහන් වෙයි.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජාතිය ඇමතීමට සැලසුම් සකස් කරමින් සිටින බව ධවල මන්දිර නිලධාරීහූ පැවසුහ.

ඉරානය මෙලෙස බැලස්ටික් මිසයිල එල්ල කළ බව පෙන්ටගනය පැවසීමෙන් පසු තෙල් මිල ද ඉහළ ගොස් තිබේ.

සීඑන්එන් ඇසුරෙනි.

Share