සරණ ගුණවර්ධනට ඇප

Staff Writer | Author . පරිවර්තනය කරන්න සිංහල හෝ தமிழ் 07. 01. 2020 | 10.59am
සරණ ගුණවර්ධනට ඇප

Update - සරණ ගුණවර්ධනට ඇප

වසර 03ක සිර දඬුවමක් නියම කෙරුණු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරණ ගුණවර්ධන මහතා ඇප මත නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

ඒ එම සිරදඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීම හේතුවෙනි.

ඒ මහතා  රුපියල් ලක්ෂ 3 ක ශරීර ඇපයක් මත මුදා හැරිණි.

11.50AM - සරණ ගුණවර්ධනට වසර 3ක සිරදඬුවමක් 

රාජ්‍ය අරමුදල් අයථා ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරණ ගුණවර්ධන මහතාට වසර 3 ක සිර දඩුවමක් සහ රුපියල් 300,000 ක දඩයක් නියම කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (7) නියෝග කළේය.

Share