RTI

අයහපත් කාලගුණය නිසා දුම්රිය 8ක් අවලංගු වෙයි

20. 12. 2019 | 7.00pm
Change සිංහල | தமிழ் | English
අයහපත් කාලගුණය නිසා දුම්රිය 8ක් අවලංගු වෙයි

දෙසැම්බර් 21 සවස 6.00

දුම්රිය මාර්ග ජලයෙන් යටවීම හේතුවෙන් අද (22) රාත්‍රියේ ධාවනය කිරීමට නියමිත මඩකලපු රාත්‍රී තැපැල් දුම්රිය, මීනගයා දුම්රිය ඇතුළු දුම්රිය 8 ක් අවලංගු කර තිබේ.  

දෙසැම්බර් 21 සවස 4.00

මහනුවර, මාතලේ, බදුල්ල සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට නායයෑම් පිළිබඳ රතු නිවේදන ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් නිකුත් කරනු ලැබ තිබේ.

එමෙන්ම මොණරාගල හා රත්නපුර දිස්ත්‍රික්කවලට නායයෑම් පුර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

දෙසැම්බර් 21 දවල් 2.00

කිරිඳි ඔය සහ ගොඩදොර ඇල පිටාර ගැලීම නිසා දෙපස ජනතාවට අවධානයෙන් සිටින්නැයි ආපදා කළමනාකාරන මධ්‍යස්ථානය දැනුම් දෙයි.

දෙසැම්බර් 20 රාත්‍රි 11.30

මහවැලි ගඟේ ජල මට්ටම පොලොන්නරුව  ප්‍රදේශයෙන් ඉහළ යමින් පවතින හෙයින් මනම්පිටිය ප්‍රදේශයට ගංවතුර තත්ත්වයක් ඇති වී තිබේ.

පහත්බිම්වල ජනතාවට ආරක්ෂිත ස්ථාන වෙත යන ලෙසට උපදෙස් ලබා දී තිබේ.

මෙි හේතුවෙන් පොලොන්නරුව - මඩකලපුව මාර්ගයේ රථවාහන ධාවනයට ද බාධා ඇති වී ඇත.

දෙසැම්බර් 20 සවස 6.00

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය දිවයිනේ දිස්ත්‍රික්ක පහකට නාය යෑමේ අවදානම් නිකුත් කර තිබේ.ඒ මාතලේ, මහනුවර, නුවරඑළිය, බදුල්ල, මොණරාගල යන දිස්ත්‍රික්කවලට ය.

දෙසැම්බර් 20 සවස 5.00

බදුල්ල-බිබිල මාර්ගය අද (20) සවස 5.00 සිට හෙට උදෑසන 6.00 තෙක් වසා දමා ඇත.

දෙසැම්බර් 20 උදෑසන 11.30

දඹුල්ල ප්‍රදේශ රැසක පහත්බිම් සහ මහා මාර්ග රැසක් ජලයෙන් යටවී ඇති අතර එම ප්‍රදේශයේ ඇති වැව් රැසක් වාන් දමමින් තිබේ.

දෙසැම්බර් 20 උදෑසන 10.00

ප්‍රදේශ ගණනාවක පවතින අධික වර්ෂාවත් හේතුවෙන් මහා මාර්ග සහ පහත් බිම් රැසක් ජලයෙන් යටව ඇත.

මහවැලි ගඟ පිටාර ගැලීම නිසා පොළොන්නරුව සෝමාවතිය ප‍්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයක් ජලයෙන් යටවී තිබේ.සුංගාවිල - සෝමාවතී මාර්ගය ජලයෙන් යටවීම හේතුවෙන් වසා දමා තිබේ. 

දෙසැම්බර් 20 උදෑසන 8.30

දියතලාව සහ බණ්ඩාරවෙල අතර පස් කඳුකඩා වැටී උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය  බාධා මතුව ඇත.

දෙසැම්බර් 20 උදෑසන 7.50

ඇල්ල නගරයේ සංචාරක නිකේතනයක් ආසන්නයේ හටගත් සුළු නාය යාමක් හේතුවෙන් ඔස්ට්‍රේලියානු සංචාරකයින් තිදෙනෙකු තුවාල ලබා බදුල්ල රෝහලට ඇතුළත් කර තිබේ.

දෙසැම්බර් 20 උදෑසන 7.00

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථාන වලට මි.මී. (100-150) පමණ තද වැසි ද,නැගෙනහිර,ඌව සහ වයඹ පළාත්වලත් මාතර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථාන වලට මි.මී.(75-100) පමණ තරමක් තද වැසි ද ඇතිවිය හැකි බව කාලගුණ දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

දිවයිනේ බොහෝ ප්‍රදේශ වල අහස වලාකුලින් බරව පවතින බවත් 

දිවයිනේ බොහෝ ප්‍රදේශ වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටි.

ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය, මන්නාරම සහ පුත්තලම හරහා මීගමුව දක්වා වන මුහුදු ප්‍රදේශවල සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (50-55) දක්වා ඉහළ යාමට හැකියාවක් පවතින බවත් එම මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැකි බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල (පැ.කි.මී. 70-80 දක්වා) තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවත් එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැකි බවත් එහි සඳහන් වෙයි.


Author - Staff writer
Staff writer
Make a Comment