RTI

ඩොනල්ඩ් ට්‍රම්ප් දෝෂාභියෝගය පරදී

19. 12. 2019 | 8.23am
Change සිංහල | தமிழ் | English
ඩොනල්ඩ් ට්‍රම්ප් දෝෂාභියෝගය පරදී

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝග ඡන්ද විමසීමෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් පරාජයට පත් වූ බව CNN වාර්තා කරයි.

දෝෂාභියෝගයට පක්ෂව ඡන්ද 230 ක් හිමි වූ අතර විපක්ෂව ඡන්ද 197 ක් ලැබිණි.

දෝෂාභියෝගයට අදාළ සෙනට් නඩු විභාගය ලබන ජනවාරියේදී ඇරඹීමට නියමිතය.

නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේදී දෝෂාභියෝගය ජයග්‍රහණය කිරීමට ඡන්ද 216කට වැඩි වැඩි සංඛ්‍යාවක් ලබාගත යුතුව තිබිණි.

සිය බලතළ අනිසි ලෙස භාවිත කිරීම සහ කොංග්‍රසයේ ක්‍රියාවලියට බාධා කිරීම යන චෝදනා මත මෙම දෝෂාභියෝගය ඉදිරිපත් කෙරිණි.

මින්පසු සෙනෙට් සභාව විසින් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එම ධුරයෙන් ඉවත් කළ යුතුද යන්න තීරණය කරනු ඇත.ඒ ඔහුට එරෙහි දෝෂාභියෝග චෝදනා දෙක සම්බන්ධයෙන් විභාග කිරීමෙන් පසුවයි.

මෙලෙස දෝෂාභියෝගයකට ලක්වන ඇමෙරිකානු තුන්වැනි ජනාධිපතිවරයා ට්‍රම්ප්ය.

සිය දේශපාලන ප්‍රතිවාදී ජෝ බයිඩන්ට එරෙහිව විමර්ශනයක් පවත්වා ඔහු අපකීර්තියට පත්කරන ලෙස යුක්‍රේනයට බලපෑම් කිරීම ඔහුට එල්ලවන චෝදනාවල ප්‍රධානතම කරුණක්.

කොංග්‍රස් මණ්ඩලයේ නීති කමිටුව අනුමත කරන ලද කරුණු මත මෙම ජන්ද විමසීම පැවැත්විය.

ඩොනල්ඩ් ට්‍රම්ප් දෝශාභියෝගය සම්බන්ධයෙන් එරට කොංග්‍රස් මණ්ඩලයේ කතානායක නැන්සි පොලෝසි ලිපියක් ද යොමු කර තිබිණි.

මෙම දෝශාභියෝගය අමෙරිකානු ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි විවෘත යුද්ධයක් බව එහි සඳහන් වූ අතර දෝශාභියෝගයක වටිනාකම එමගින් විනාශ කර ඇතැයි ද ට්‍රම්ප් ජනාධිපතිවරයා චෝදනා කර තිබිණි.

දෝශාභියෝගයේ මුල සිටම ජනාධිපතිවරයාට ව්‍යවස්ථාවෙන් ලබාදී තිබූ අයිතිවාසිකම් නිසි ලෙස නොලැබුණු බවටත් ඔහු චෝදනා කර තිබිණි.

පාර්ලිමේන්තුවේ ජනාධිපති ට්‍රම්ප් දෝෂාභියෝගයට ලක් වූ වහාම කථා කළ සභා කථානායක නැන්සි පෙලෝසි, අද “ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විශිෂ්ට දිනයක්” නමුත් “ඇමරිකාවට කනගාටුදායක දිනයක්” යැයි පැවසීය.

දෝෂාභියෝග ඡන්ද විමසීම පැවැත්වෙන අවස්ථාවේ ට්‍රම්ප් මිචිගන්හී රැලියක් අමතමින් සිටි අතර එහිදී “සෑම රිපබ්ලිකානුවෙක්ම අපට ඡන්දය දුන්නා.අපට එක් රිපබ්ලිකන් ඡන්දයක් අහිමි වූණේ නෑ."යැයි ට්‍රම්ප් පැවසීය. 

ඔහු ඡන්ද විමසීමේ ප්‍රතිඵලය රිපබ්ලිකන් එක්සත්කම හුවා දැක්වීමට යොදා ගත්තේය.

"රිපබ්ලිකන් පක්ෂය කිසිදාක මෙතරම් පීඩා විඳලා නෑ. එහෙත් ඔවුන් කවදාවත් මෙච්චර එක්සත් වෙලා නෑ."

"අද ගෙන ආ නීති විරෝධී ව්‍යවස්ථා විරෝධී හා පක්ෂග්‍රාහී දෝෂාභියෝගයත් සමඟ, කිසිවක් නොකරන ඩිමොක්‍රටික් පාක්ෂිකයන්  ඇමරිකානු ඡන්දදායකයා කෙරෙහි ඔවුන්ගේ ගැඹුරු වෛරය හා පිළිකුල ප්‍රකාශ කරනවා" යැයි ට්‍රම්ප් පැවසීය.

ජනාධිපති ට්‍රම්ප්ගේ දෝෂාභියෝගයෙන් පසුව ධවල මන්දිරය ප්‍රකාශයක් නිකුත් කරමින් එය “ ඇමෙරිකානු ඉතිහාසයේ ඉතාම නින්දිත දේශපාලන කථාංගයක්” ලෙස නම් කළේය.

 "අද අපේ ජාතියේ ඉතිහාසයේ ඉතාම නින්දිත දේශපාලන කථාංගයක පාර්ලිමේන්තුවේ කූටප්‍රාප්තිය වේ. එක රිපබ්ලිකන් ඡන්දයක්වත් ලබා නොගෙන, සහ වැරදි පිළිබඳ කිසිදු සාක්ෂියක් ලබා නොදී, ඩිමොක්‍රටික් පාක්ෂිකයන් ජනාධිපතිවරයාට එරෙහිව නීතිවිරෝධී දෝෂාභියෝගයක් ඉදිරිපත් කළා.  ජනාධිපතිවරයා කිසිඳු වැරැද්දක් කර නැතත් ඩිමොක්‍රටිකයින් මෙම පක්ෂග්‍රාහී පදනම මත ඉදිරියට යාමට තෝරාගෙන තිබේ. ඇත්ත වශයෙන්ම සති ගණන් විභාග කිරීමෙන් ඔප්පු වී ඇත්තේ ඔහු කිසි වරදක් නොකළ බවයි. ”ධවල මන්දිරය පැවසීය.

ඩිමොක්‍රටික් 2020 ජනාධිපති අපේක්ෂක වීමට නියමිත තුල්සි ගැබාර්ඩ් ප්‍රකාශයක් නිකුත් කරමින් පැවසුවේ “මම මධ්‍යයේ සිටගෙන ඡන්දය දීමට තීරණය කරා.  දෝෂාභියෝගයට එරෙහිව මට හොඳ හෘද සාක්ෂියක් ඇතිව ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වූයේ ජනාධිපති ට්‍රම්ප් වැරැද්දකට වැරදිකරු යැයි මා විශ්වාස කරන හෙයිනි.එමෙන්මදෝෂාභියෝගය සඳහා මට හොඳ හෘද සාක්ෂියක් ඇතුව ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වූයේ තනතුරේ සිටින ජනාධිපතිවරයකු ඉවත් කිරීම පක්ෂග්‍රාහී ක්‍රියාවලියක කූටප්‍රාප්තිය නොවිය යුතු බැවිනි”

Author - Staff writer
Staff writer
Make a Comment