RTI

ඉන්දීය රජයට නොතීසි

18. 12. 2019 | 2.17pm
Change සිංහල | தமிழ் | English
ඉන්දීය රජයට නොතීසි

ඉන්දියාවේ මතභේදාත්මක නව පුරවැසි නීතියේ ව්‍යවස්ථාමය වලංගුභාවය අභියෝගයට ලක් කරමින් ගොනු කළ පෙත්සම් 59ට ප්‍රතිචාර දක්වන ලෙස නියෝග කරමින් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය එරට රජයට නොතීසි නිකුත් කර තිබේ.

අද (18) පෙරවරුවේ පැවති කෙටි නඩු විභාගයකදී ඉන්දීය අගවිනිසුරු එස්.ඒ. බොබ්දේගේ ප්‍රධානත්වයෙන් යුත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල පුරවැසි සංශෝධන පනතට එරෙහිව අතුරු තහනම් නියෝගයක් පැනවීම ප්‍රතික්ෂේප කළ අතර“පනත සම්බන්ධයෙන් තවදුරටත් සොයාබලා අතුරු තහනම් නියෝගයක් පැනවීම සම්බන්ධයෙන් විමසා බැලීමට" සිදුවන බව ප්‍රකාශ කළේය.

විනිසුරු බී.ආර්. ගවායි සහ සූරිය කාන්ත් යන විනිසුරුවරුන්ගෙන්ද සමන්විත එම විනිසුරු මඩුල්ල ජනවාරි 22 වන දින මීළඟ නඩු විභාගය ලෙස නියම කර තිබේ.

නඩු විභාගය අතරතුරදී මධ්‍යම රජය නියෝජනය කරමින් සිටි නීතිපති කේ.කේ. වෙනුගෝපාල් මහතාට අධිකරණය ප්‍රකාශ කර සිටියේ නව පුරවැසි පනත පිළිබඳව පුරවැසියන් දැනුවත් කිරීම සඳහා ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය භාවිතා කිරීම පිළිබඳව සලකා බලන ලෙසයි.

ඉන්දියාව ආසන්නයේ ඇති ප්‍රධාන රටවල් තුනක් වන පාකිස්තානය, බංග්ලාදේශය හා ඇෆ්ඝනිස්තානයේ සිට පැමිණි මුස්ලිම් නොවන සංක්‍රමණිකයන්ට ඉන්දියාවේ පුරවැසිභාවය ලබාගැනීමට මෙම පනත මගින් අවස්ථාව සැලසෙනු ඇත.

හින්දු, සික්, බෞද්ධ, ජෛන, පාර්සි සහ ක්‍රිස්තියානි යන ආගමික සුළුතර ප්‍රජාවන් හයක සාමාජිකයින්ට ඔවුන් පාකිස්තානය, ඇෆ්ගනිස්ථානය හෝ බංග්ලාදේශයේ අය බව ඔප්පු කළ හැකි නම් ඉන්දියාවේ පුරවැසිභාවය ලබාගත හැකි වනු ඇත.

පුරවැසිභාවය ලැබීමට සුදුසුකම් ලැබීමට ඔවුන්ට වසර හයක් පමණක් ඉන්දියාවේ ජීවත් වීමට හෝ වැඩ කිරීමට සිදුවෙයි.

මුස්ලිම් ජනතාව කොන් කිරීමට මෙම නව නීතිය ගෙනෙන බවට මෙම නීතියට විරුද්ධ පිරිස් පවසති.

නමුත් ඉන්දීය ආණ්ඩුව පවසන්නේ  ආගමික හේතූන් මත පීඩාවට පත් ජනතාවට සහන සැලසීම මෙහි අරමුණ බවයි. එමෙන්ම මුස්ලිම් ජනතාව ආගමික සුළුතරයක් නොවන නිසා ඔවුන්ට ඉන්දියාවේ ආරක්ෂාව අනවශ්‍ය බවද ඉන්දිය රජය පවසයි.

මෙම පනතට එරෙහිව විශාල උද්ඝෝෂණ රැසක් ඉන්දියාවේ ඇතිවිය

ඇසෑම් ප්‍රාන්තයෙන් ආරම්භ වූ මෙම විරෝධතා මේ වන විට ඉන්දියාව පුරාම ක්‍රියාත්මක වෙන තත්ත්වයක් ඇති වී තිබේ.විශ්වවිද්‍යාල සිසුහූද උද්ඝෝෂණ සිදු කරති.

එම පනත් කෙටුම්පත දෙසැම්බර් 11 වැනිදා වැඩි ඡන්ද ඡන්ද 20කින් සම්මත විය.එම පනතට විපක්ෂව ඡන්ද 105ක්ද පක්ෂව ඡන්ද 125ක් ද ලැබිණි.

මෙම නව පුරවැසි පනත මගින් නීතිවිරෝධී සංක්‍රමණිකයින් ඉන්දියානු පුරවැසියන් වීම තහනම් කරමින් සකස් කර ඇති වසර 64ක් පැරණි ඉන්දියානු පුරවැසි නීතිය  සංශෝධනය කරයි.

වලංගු විදේශ ගමන් බලපත්‍රයක් හෝ සංචාරක ලියකියවිලි නොමැතිව ඉන්දියාවට ඇතුළු වන හෝ අවසර ලත් කාලයෙන් ඔබ්බට රැඳී සිටින විදේශිකයන් නීති විරෝධී සංක්‍රමණිකයින් ලෙස අර්ථ දක්වයි.  නීති විරෝධී සංක්‍රමණිකයන් පිටුවහල් කිරීම හෝ සිරගත කිරීම කළ හැකිය.

පුද්ගලයෙකුට පුරවැසිභාවය සඳහා ඉල්ලුම් කිරීමට පෙර පැවති අවම වශයෙන් අවුරුදු 11 ක් ඉන්දියාවේ ජීවත් වී හෝ ෆෙඩරල් රජය වෙනුවෙන් සේවය කර තිබිය යුතු යැයි පවසන ප්‍රතිපාදන ද නව පනත් කෙටුම්පත මගින් සංශෝධනය කෙරේ.

NDTV ඇසුරෙනි 

Author - Staff writer
Staff writer
Make a Comment



Breaking News
කොරෝනා ආසාදිතයින් බවට 'සැකකරන' දෙදෙනෙක් IDH රෝහලට
කොරෝනා ආසාදිතයින් බවට 'සැකකරන' දෙදෙනෙක් IDH රෝහලට
Read More | 2020-01-25
අජිත් ප්‍රසන්න රිමාන්ඩ් - මානසික වාර්තාවක් කැඳවයි
අජිත් ප්‍රසන්න රිමාන්ඩ් - මානසික වාර්තාවක් කැඳවයි
Read More | 2020-01-24
සයිබර් අපරාධවලට එරෙහිව රජයෙන් නව නීති
සයිබර් අපරාධවලට එරෙහිව රජයෙන් නව නීති
Read More | 2020-01-24
 ලයිසන් ගැනීමේදී වෛද්‍ය පරීක්ෂණයට දින වෙන්කරගන්න ඔන්ලයින් ක්‍රමවේදයක්
ලයිසන් ගැනීමේදී වෛද්‍ය පරීක්ෂණයට දින වෙන්කරගන්න ඔන්ලයින් ක්‍රමවේදයක්
Read More | 2020-01-22
බැඳුම්කර විගණන වාර්තාව පාර්ලිමේන්තු වෙබ් අඩවියේ පළ කරන්නැයි ඉල්ලීමක්
බැඳුම්කර විගණන වාර්තාව පාර්ලිමේන්තු වෙබ් අඩවියේ පළ කරන්නැයි ඉල්ලීමක්
Read More | 2020-01-22
මහබැංකු වෝහාරික විගණන වාර්තාව ඉදිරිපත් කිරීම යෝග්‍යයි-කථානායක
මහබැංකු වෝහාරික විගණන වාර්තාව ඉදිරිපත් කිරීම යෝග්‍යයි-කථානායක
Read More | 2020-01-21
පැය 24කදී ලෝක බලවතුන් හතර දෙනෙක් ලංකාවට
පැය 24කදී ලෝක බලවතුන් හතර දෙනෙක් ලංකාවට
Read More | 2020-01-14
වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කෙරෙයි
වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කෙරෙයි
Read More | 2020-01-14
රංජන් රාමනායක අත්අඩංගුවට
රංජන් රාමනායක අත්අඩංගුවට
Read More | 2020-01-14
'යුක්‍රේනියානු ගුවන් යානය කඩා වැටුණේ ඉරානයේ මිසයිල ප්‍රහාරයකින්''
'යුක්‍රේනියානු ගුවන් යානය කඩා වැටුණේ ඉරානයේ මිසයිල ප්‍රහාරයකින්''
Read More | 2020-01-10