RTI

පාකිස්තාන හිටපු ජනපතිට මරණ දඬුවම නියම කරයි

17. 12. 2019 | 9.35pm
Change සිංහල | தமிழ் | English
පාකිස්තාන හිටපු ජනපතිට මරණ දඬුවම නියම කරයි

2013 සිට වසර හයක නඩුවකින් පසු පාකිස්තානයේ හිටපු ජනාධිපති සහ හමුදා පාලක පර්වේස් මුෂාරෆ්ට රාජද්‍රෝහී චෝදනාව යටතේ මරණ දඩුවම නියම වී තිබේ.

මුෂාරෆ් බලයේ සිටියදී හදිසි නීතිය ප්‍රකාශයට පත් කරමින් ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ඉස්ලාමාබාද්හි ත්‍රිපුද්ගල විශේෂ අධිකරණයක් අඟහරුවාදා වරදකරු ලෙස නියම කළේය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හි වසර තුනකට වැඩි කාලයක් ස්වයං-පිටුවහල්ව ජීවත් වූ 76 හැවිරිදි හිටපු නායකයාට තීන්දුව අභියාචනා කිරීමට අවස්ථාව තිබේ.

මුෂාරෆ් 1999 දී හමුදා කුමන්ත්‍රණයකින් බලයට පැමිණි අතර 2008 වන තෙක් පාකිස්තානය ජනාධිපතිවරයා ලෙස පාලනය කළේය.

රටේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව  අත්හිටුවීම සහ වෙනස් කිරීම, පාකිස්තානයේ අගවිනිසුරුවරිය ඉවත් කිරීම සහ හදිසි නීතිය පැනවීම ඇතුළු චෝදනා පහක් සම්බන්ධයෙන් ඔහුට 2014 දී අධිචෝදනා ගොනු කෙරිණි.

පාකිස්තාන ඉතිහාසයේ හමුදා ප්‍රධානියෙකුට එරෙහිව නඩු විභාග කොට රාජද්‍රෝහී චෝදනාවකට වරදකරු වූ පළමු අවස්ථාව මෙයයි.

පාකිස්තානයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ, ඉහළ රාජද්‍රෝහී ක්‍රියාවක් යනු මරණ දඩුවම හෝ ජීවිතාන්තය දක්වා සිර දඩුවමක් ලැබිය යුතු වරදකි.

විශේෂ අධිකරණය මරණ ද දඩුවම  2-1 බහුතරයකින් තීන්දු කළ අතර විනිසුරුවන් තිදෙනාගෙන් එක් විනිසුරුවරයෙක් මරණ දඩුවම අනුමත නොකළේය.

පාකිස්තානයේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඔහුට එරෙහිව පනවා තිබූ විදේශ ගමන් තහනම වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට ඩුබායි බලා යාම සඳහා ඉවත් කිරීමෙන් පසු මුෂාරෆ් 2016 සිට ඩුබායි හි පදිංචිව සිට ඇත. 

මේ මස මුලදී ඩුබායි හි පිහිටි ඔහුගේ රෝහල් ඇඳේ සිට හිටපු නායකයා වීඩියෝ ප්‍රකාශයක් මගින් කියා සිටියේ තමා නිර්දෝෂී බවත් රාජද්‍රෝහී නඩුව පදනම් විරහිත බවත්ය.

CNN ඇසුරෙනි

Author - Staff writer
Staff writer
Make a Comment