ස්විස් තානාපති කාර්යාල නිලධාරිනිය අත්අඩංගුවට

Staff Writer | Author . පරිවර්තනය කරන්න සිංහල හෝ தமிழ் 16. 12. 2019 | 4.50pm
ස්විස් තානාපති කාර්යාල නිලධාරිනිය අත්අඩංගුවට

ස්විස් තානාපති කාර්යාල සිද්ධියට අදාළ සේවිකාව අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

නීතිපතිවරයාගේ උපදෙස් පරිදි ඇය අත්අඩංගුවට ගත් බවත් ඇය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව රහස් පොලිසිය පවසයි.

ඇය දින කිහිපයක් රහස් පොලිසිය වෙත ගොස් ප්‍රකාශ ලබාදුන් අතර මානසික  පරීක්ෂණයක් සඳහා අද අංගොඩ මානසික රෝහල වෙත ද රැගෙන ගොස් තිබිණි.

රාජකාරි නිම වී නිවසට යන අතරතුර මෝටර් රථයකින් ඈ පැහැරගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිශාන්ත සිල්වා මහතා රටින් පිටවීම ගැන කරුණු විමසා තිබූ බවට කියමින් රටතුළ මහත් ආන්දෝලනයක් ඇතිවිය.


Share