RTI

කොළඹ ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාල සේවිකාවක පැහැරගෙන

27. 11. 2019 | 11.06pm
Change සිංහල | தமிழ் | English
කොළඹ ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාල සේවිකාවක පැහැරගෙන

කොළඹ ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ සේවිකාවක ඉකුත් සඳුදා (25) හදුනා නොගත් පිරිසක් විසින් 'පැහැරගෙන' රඳවා තබාගෙන තානාපති කාර්යාලයේ සංවේදී තොරතුරු ලබාදෙන ලෙසට බල කර ඇති බවට  ස්විස්ටර්ලන්ත විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කළ බව නිව්යෝර්ක් ටයිමිස් පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.

මැතකදී ස්විස්ටර්ලන්යේ දේශපාලන රැකවරණය ඉල්ලා ඇති ශ්‍රී ලාංකිකයන්ගේ තොරතුරු ඇති බව කියන ඇයගේ ජංගම දුරකථනය 'unlock' කරන ලෙසට එම පිරිස් බල කර ඇතැයිද එම වාර්තාවේ සඳහන් වෙයි.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රකාශකයකු එය ප්‍රතික්ෂේප කළ නමුත් පසුව "ආරක්ෂක අංශ මේ සම්බන්ධයෙන් සොයාබැලිමට තීරණය කර ඇතැයි" ප්‍රකාශ කළ බව එම වාර්තාවේ සඳහන් වේ.

"එම පිරිස පැය කිහිපයක් අදාළ සේවිකාව රඳවාගෙන සිටි බවත් මේ පිළිබඳව කාට හෝ පැවසුවහොත් මරා දමන බවට ඇය නිදහස් කිරීමට පෙර තර්ජනය කළ බවත් " මෙම තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වූ නම හෙළි නොකරන අයෙක් ප්‍රකාශ කළැයි නිව්යෝක් ටයිම්ස් පවසයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිබඳව විමර්ශනය කරමින් සිටි ශ්‍රී ලංකා රහස් පරීක්ෂක නිලධාරියකු පිළිබඳ තොරතුරු සොයා ගැනීම සඳහා මෙම පුද්ගලයින් අවධානය යොමු කර ඇති බව තානාපති නිලධාරීන් පැවසූ බවත් අදාළ රහස් පරීක්ෂකවරයා ඉරිදා සිය පවුලේ අය සමඟ ස්විට්සර්ලන්තයට පලා ගිය බවත් එම වාර්තාවේ සඳහන් වෙයි.

මෙම පුද්ගලයින් රාජපක්ෂ මහතාගේ ආධාරකරුවන්ද නැත්ද යන්න මෙතෙක් තහවුරු වී නොමැති බවද එහි පැවසේ.

ස්විට්සර්ලන්ත විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු වන පියරේ-ඇලන් එල්ට්ෂින්ගර් නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පතට මෙසේ පවසා තිබේ. 

“තානාපති කාර්යාලයේ ප්‍රාදේශීය සේවිකාවක ඇයගේ කැමැත්තට එරෙහිව මාර්ගයක රඳවාගෙන සිටි බවත්, එම නාඳුනන පුද්ගලයින් විසින් තානාපති කාර්යාලයට අදාළ තොරතුරු හෙළි කරගැනීම සඳහා දීර්ග වශයෙන් ඇයට තර්ජනය කළ බවත් අපට තහවුරු කළ හැකියි. ”

 “ස්විට්සර්ලන්තය මෙම සිද්ධිය ඉතා බරපතල හා පිළිගත නොහැකි ප්‍රහාරයක් ලෙස සලකනවා. ස්විට්සර්ලන්ත රජය සිද්ධිය හා සම්බන්ධ තත්වයන් පිළිබඳව කඩිනම් හා සම්පූර්ණ පරීක්ෂණයක් ඉල්ලා සිටිනවා" යැයි එම ප්‍රකාශකයා පවසා තිබේ.

Author - Staff writer
Staff writer
Make a Comment



Breaking News
කැරිබියන් රටවල් තුනකට 'අධි අවදානම්' සුනාමි අනතුරු ඇඟවීම්
කැරිබියන් රටවල් තුනකට 'අධි අවදානම්' සුනාමි අනතුරු ඇඟවීම්
Read More | 2020-01-29
පළමු 'කොරෝනා ⁣ප්‍රතිකාර' රෝහල විවෘත කරයි
පළමු 'කොරෝනා ⁣ප්‍රතිකාර' රෝහල විවෘත කරයි
Read More | 2020-01-28
ලාසා වයිරසයෙන් නයිජීරියාවේ 29ක් මරුට
ලාසා වයිරසයෙන් නයිජීරියාවේ 29ක් මරුට
Read More | 2020-01-28
වූහාන් සිට එන ශිෂ්‍යයින් සති 2කට හමුදා කඳවුරකට
වූහාන් සිට එන ශිෂ්‍යයින් සති 2කට හමුදා කඳවුරකට
Read More | 2020-01-28
'චීන කාන්තාව ලංකාවේ සංචාරයට පැමිණ ඇත්තේ කණ්ඩායමක් සමගයි'
'චීන කාන්තාව ලංකාවේ සංචාරයට පැමිණ ඇත්තේ කණ්ඩායමක් සමගයි'
Read More | 2020-01-27
ඉන්දූනීසියාවේ සිට පැමිණි ගුවන් යානයක සිටි කාන්තාවක් IDH රෝහලට
ඉන්දූනීසියාවේ සිට පැමිණි ගුවන් යානයක සිටි කාන්තාවක් IDH රෝහලට
Read More | 2020-01-27
රුධිර සාම්පල පරීක්ෂා කළ අයට කොරෝනා වෛරසය නැහැ-MRI
රුධිර සාම්පල පරීක්ෂා කළ අයට කොරෝනා වෛරසය නැහැ-MRI
Read More | 2020-01-25
අජිත් ප්‍රසන්න රිමාන්ඩ් - මානසික වාර්තාවක් කැඳවයි
අජිත් ප්‍රසන්න රිමාන්ඩ් - මානසික වාර්තාවක් කැඳවයි
Read More | 2020-01-24
සයිබර් අපරාධවලට එරෙහිව රජයෙන් නව නීති
සයිබර් අපරාධවලට එරෙහිව රජයෙන් නව නීති
Read More | 2020-01-24
 ලයිසන් ගැනීමේදී වෛද්‍ය පරීක්ෂණයට දින වෙන්කරගන්න ඔන්ලයින් ක්‍රමවේදයක්
ලයිසන් ගැනීමේදී වෛද්‍ය පරීක්ෂණයට දින වෙන්කරගන්න ඔන්ලයින් ක්‍රමවේදයක්
Read More | 2020-01-22