RTI

යටියන්තො‌ට පහරදීම මැතිවරණ සිද්ධියක් නොවෙයි

19. 11. 2019 | 6.01pm
Change සිංහල | தமிழ் | English
යටියන්තො‌ට පහරදීම මැතිවරණ සිද්ධියක් නොවෙයි

යටියන්තොට ප්‍රදේශයේ මැතිවරණ සිදුවීමකට සම්බන්ධ පහරදීමක් බවට හුවා දක්වමින් සමාජ මාධ්‍ය ජාලා හරහා පැතිරෙන පුවත අසත්‍ය බව පොලිසිය පවසයි.

එය හුදෙක් බීමත් පුද්ගලයන් දෙදෙනකු අතර ඇති වූ සුළු පහරදීමක් බවටත් ඊයේ (18) දින යටියන්තොට ගනේපල්ල වත්ත ප්‍රදේශයේ බීමත්ව සිටි පුද්ගලයන් දෙදෙනකු අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග ගොස් මෙම පහරදීම සිදුව ඇති බවටත් පොලිසිය කියයි.

මෙම පුවත සමාජ මාධ්‍ය මඟින් වැරදි ලෙස ප්‍රචාරය වන බවත් මෙය මැතිවරණ සම්බන්ධ සිදුවීමක් නොවන බවත් පොලිසිය වැඩිදුරටත් දන්වා සිටී.

පොලිස් මාධ්‍ය ඒකකයේ ෆේස්බුක් පිටුවෙන් නිවේදනයක් නිකුත් කරමින් පොලිසිය මේ බව කියා සිටී.


Author - Niluka Sandun
Niluka Sandun
Make a Comment