RTI

පාස්කු ප්‍රහාරයෙන් පසු අත්අඩංගුවට ගැනීම් ගැන තොරතුරු යුද හමුදාව හංගයි

10. 10. 2019 | 12.03am
Change සිංහල | தமிழ் | English
පාස්කු ප්‍රහාරයෙන් පසු අත්අඩංගුවට ගැනීම් ගැන තොරතුරු යුද හමුදාව හංගයි

අප්‍රේල් 21 වැනි දා පාස්කු ප්‍රහාරයෙන් පසු අත්අඩංගුවට ගත් පුද්ගලයන්ගේ සංඛ්‍යා ලේඛන ප්‍රසිද්ධියට පත් කිරීම ශ්‍රී ලංකා යුද හමුදාව මගින් ප්‍රතික්ෂේප කර තිබේ.

පාස්කු ප්‍රහාරයෙන් පසු පරීක්ෂා කළ නිවාස ගණන සහ අත්අඩංගුවට ගත් සැකකරුවන් ගණන සම්බන්ධයෙන් (සංඛ්‍යාලේඛන) තොරතුරු දැන ගැනීමේ පනත යටතේ කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් යුද හමුදාව සඳහන් කරන්නේ එම සංඛ්‍යාලේඛන ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වැදගත් හා සංවේදී තොරතුරු බවයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් පිළිබඳ සංඛ්‍යාලේඛන හෙළිදරව් කිරීම මගින් පාස්කු ප්‍රහාරය සබැඳිව එදින සහ ඉන් පසුව සිදු කරනු ලැබූ විමර්ශන හා පරීක්ෂණවලට මෙන්ම මේ වන විටත් සිදුකරමින් පවතින පරීක්ෂණවලට හා විමර්ශන කටයුතුවලට ද සාධනීය බලපෑමක් ඇති වීමෙන් යම් අපරාධයක් වැලැක්වීම සහ/හෝ ඒ පිළිබඳ සොයා ගැනීම සහ/හෝ ඊට සම්බන්ධ වරදකරුවන් අල්ලා ගැනීම සහ/හෝ ඔවුනට එරෙහිව නඩු පැවරීම සම්බන්ධයෙන් බලවත් අගතියක් සිදුවිය හැකි බව ද වැඩිදුරටත් නිරීක්ෂණය කරමි යනුවෙන් ශ්‍රී ලංකා යුද හමුදාවේ තොරතුරු නිලධාරී මේජර් ජනරාල් ඒ එම් එස් බී අතපත්තු මහතා සඳහන් කර තිබේ.

ඒ අනුව මෙම තොරතුරු මුදා හැරීම තොරතුරු පනතේ 5(1)(අ)(i) සහ 5(1)(ඌ)(i) වගන්ති යටතේ ප්‍රතික්ෂේප කර ඇත.

ශ්‍රී ලංකා යුද හමුදාව මෙම තොරතුරු මුදා හැරීම ප්‍රතික්ෂේප කළ ද ශ්‍රී ලකා පොලිසිය මේ වන විටත් මේ හා සම්බන්ධ සංඛ්‍යාලේඛන මුදා හැර තිබේ. මේ වන විට රඳවාගෙන සිටින සැකකරුවන්ගේ සංඛ්‍යාලේඛන බව ශ්‍රී ලංකා පොලිසිය මුදා ඇත. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී නීතීඥ රුවන් ගුණසේකර මහතා විසින්ම එම තොරතුරු මාධ්‍ය හමුවලදී ප්‍රකාශයට පත් කර ඇති පසුබිමක යුද හමුදාව එම තොරතුරු වසන් කිරීම ගැටලු සහගත බව ජ්‍යෙෂ්ඨ නීතීඥයෙක් MediaLk.com සමඟ පැවසීය.

මෙම තොරතුරු මුදා හැරීම යුද හමුදාව ප්‍රතික්ෂේප කරන්නේ ඇතැම් විට එම කාලයේ සිදුවූ නීති විරෝධී අත්අඩංගුවට ගැනීම්වලට තොරතුරු වසන් කිරීමට විය හැකියැයි ද එම නීතීඥවරයා සඳහන් කළේය.

තොරතුරු නිලධාරී බ්‍රිගේඩියර් අතපත්තු මහතා සඳහන් කරන්නේ තොරතුරු මුදා හැරීමෙන් විමර්ශන කටයුතු වලට සාධනීය බලපෑමක් ඇති විය හැකි බවයි. සාධනීය බලපෑමක් ඇතිවීමෙන් විමර්ශනවලට අගතියක් විය නොහැකි බවත්, සාධනීය බලපෑමකින් විය හැක්කේ විමර්ශනයන්ට සහායක් ලැබීම බවත් නීතීඥවරයා කියා සිටියේය.

යුද හමුදාව අදාළ තොරතුරු මුදා හැරීම ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව මේ වන විට අභියාචනයක් යොමු කර තිබේ. 

Author - Staff writer
Staff writer
Make a Comment



Breaking News
ලාසා වයිරසයෙන් නයිජීරියාවේ 29ක් මරුට
ලාසා වයිරසයෙන් නයිජීරියාවේ 29ක් මරුට
Read More | 2020-01-28
වූහාන් සිට එන ශිෂ්‍යයින් සති 2කට හමුදා කඳවුරකට
වූහාන් සිට එන ශිෂ්‍යයින් සති 2කට හමුදා කඳවුරකට
Read More | 2020-01-28
'චීන කාන්තාව ලංකාවේ සංචාරයට පැමිණ ඇත්තේ කණ්ඩායමක් සමගයි'
'චීන කාන්තාව ලංකාවේ සංචාරයට පැමිණ ඇත්තේ කණ්ඩායමක් සමගයි'
Read More | 2020-01-27
ඉන්දූනීසියාවේ සිට පැමිණි ගුවන් යානයක සිටි කාන්තාවක් IDH රෝහලට
ඉන්දූනීසියාවේ සිට පැමිණි ගුවන් යානයක සිටි කාන්තාවක් IDH රෝහලට
Read More | 2020-01-27
රුධිර සාම්පල පරීක්ෂා කළ අයට කොරෝනා වෛරසය නැහැ-MRI
රුධිර සාම්පල පරීක්ෂා කළ අයට කොරෝනා වෛරසය නැහැ-MRI
Read More | 2020-01-25
අජිත් ප්‍රසන්න රිමාන්ඩ් - මානසික වාර්තාවක් කැඳවයි
අජිත් ප්‍රසන්න රිමාන්ඩ් - මානසික වාර්තාවක් කැඳවයි
Read More | 2020-01-24
සයිබර් අපරාධවලට එරෙහිව රජයෙන් නව නීති
සයිබර් අපරාධවලට එරෙහිව රජයෙන් නව නීති
Read More | 2020-01-24
 ලයිසන් ගැනීමේදී වෛද්‍ය පරීක්ෂණයට දින වෙන්කරගන්න ඔන්ලයින් ක්‍රමවේදයක්
ලයිසන් ගැනීමේදී වෛද්‍ය පරීක්ෂණයට දින වෙන්කරගන්න ඔන්ලයින් ක්‍රමවේදයක්
Read More | 2020-01-22
බැඳුම්කර විගණන වාර්තාව පාර්ලිමේන්තු වෙබ් අඩවියේ පළ කරන්නැයි ඉල්ලීමක්
බැඳුම්කර විගණන වාර්තාව පාර්ලිමේන්තු වෙබ් අඩවියේ පළ කරන්නැයි ඉල්ලීමක්
Read More | 2020-01-22
මහබැංකු වෝහාරික විගණන වාර්තාව ඉදිරිපත් කිරීම යෝග්‍යයි-කථානායක
මහබැංකු වෝහාරික විගණන වාර්තාව ඉදිරිපත් කිරීම යෝග්‍යයි-කථානායක
Read More | 2020-01-21