ගෝඨාභයට රට යන්න අවසර

Staff Writer | Author . පරිවර්තනය කරන්න සිංහල හෝ தமிழ் 03. 10. 2019 | 10.55am
ගෝඨාභයට රට යන්න අවසර

වෛද්‍ය ප්‍රතිකාර සඳහා ලබන 09 වැනිදා සිට 12 වැනිදා දක්වා සිංගප්පූරුව බලා යාමට ගෝඨාභය රාජපක්ෂ මහතාට අධිකරණය අද (03) අවසර ලබා දුන්නේය.

ඔහු කළ ඉල්ලීමට අවසර දෙමින්, ඔහුගේ ගමන් බලපත්‍රය මුදා හරින ලෙසට සම්පත් විජයරත්න, සම්පත් අභයකෝන් සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයෙන් නියෝග කළේය.

ඩී ඒ රාජපක්ෂ කෞතුකාරය ඉදි කරද්දී සිදු වූ බව කියන මුදල් අවභාවිතය සම්බන්ධයෙන් කොළඹ විශේෂ මහාධිකරණයේ විභාග වන නඩුවකින් රාජපක්ෂ මහතාගේ විදෙස් ගමන් තහනම් කර තිබිණි.

 

Share