RTI

ඉතිහාසයේ පළමු වතාවට ජනාධිපති අපේක්ෂකයෝ එකම වේදිකාවකට

22. 09. 2019 | 2.16pm
Change සිංහල | தமிழ் | English
ඉතිහාසයේ පළමු වතාවට ජනාධිපති අපේක්ෂකයෝ එකම වේදිකාවකට

ශ්‍රී ලංකා⁣ දේශපාලන ඉතිහාසයේ පළමු වතාවට ප්‍රසිද්ධ ජනාධිපතිවරණ විවාදයක් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව මාර්තු 12 ව්‍යාපාරය සහ ඒෆ්‍රියල් තරුණ ජාලය පවසයි.

මෙහිදී ජනාධිපතිවරණයේ ප්‍රමුඛ අපේක්ෂකයන් එකම වේදිකාවකට කැඳවීම සිදු කෙරෙනු ඇත.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා තරග වදින අපේක්ෂකයන් අතරින් ප්‍රමුඛ අපේක්ෂකයන් ඔක්තෝම්බර් මස 05 වන දින සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයට කැඳවා ජනතාවට බලපාන පොදු ප්‍රශ්න 05ක් පිළිබඳව එම අපේක්ෂකයන්ගේ විසඳුම් කවරේද යන්න විමසා බැලීමට මෙහිදි අවස්ථාව සැලසෙනු ඇතැයි එම සංවිධාන පවසයි.

පසුගිය සති කීපය තුළ විවිධ පාර්ශ්වයන් සහ පුරවැසියන්  අපේක්ෂකයන්ගෙන් ඇසිය යුතු ප්‍රශ්න යොමු කර ඇති බවද, විශේෂ කමිටුවක් මගින් මෙම ප්‍රශ්න තෝරා ගැනීමට නියමිත බව ද මාර්තු 12 ව්‍යාපාරය සහ ඒෆ්‍රියල් තරුණ ජලාය පවසයි.

මාර්තු 12 ව්‍යාපාරය සහ ඒෆ්‍රියල් තරුණ ජාලය මේ ගැන පැවසුවේ කොළඹ හෙක්ටර් කොබ්බෑකඩුව කෘෂි පර්යේෂණ මධ්‍යස්ථානයේ අද (22) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

මේ සඳහා ආරාධනා කරනු ලබන දේශපාලන පක්ෂ පිළිබඳව ද මෙම කමිටුව විසින් තීරණය කරනු ලබන බවත්, සෑම අපේක්ෂකයකුටම ප්‍රශ්න 06ක් හිමි වන අතර සෑම අපේක්ෂකයකුට ම සමාන කාලයක් ලැබෙන බවත්,  ප්‍රශ්න හයෙන් පහක් ම කල් ඇතිව ලබා දෙන අතර, අවසාන  ප්‍රශ්නය අහඹු ලෙස ඔවුනට තෝරා ගැනීමට ඉඩකඩ ලබා දෙන බවත් මාර්තු 12 ව්‍යාපාරියේ නියෝජිතයෝ සහ ඒෆ්‍රියල් තරුණ ජාලයේ නියෝජිතයෝ පැවසූහ.

මෙම වැඩසටහනේ අවසානයේ විනාඩි තුනක විවෘත කාලයක් සෑම අපේක්ෂකයෙකුටම හිමි වේ.

මෙම වැඩ සටහන සජීවීව විකාශනය කිරීමට සැලසුම් කර ඇති බැවින් මහජනතාවට නිවසේ සිටම එය දැක බලා ගැනීමට හැකියාව ඇතැයි ඔවූහු පැවසූහ.

එදිනට එෆ්රියල් තරුණ ජාලය මගින් පුරවැසි නිරීක්ෂකයන් 3000 සමාජගත කිරීමට ද සිහින ජනපති තේමාව යටතේ කරනු ලැබූ සංවාද හරහා මතු වූ ජනතා අදහස් ඉදිරිපත් කිරීම ද , ජනාධීපතිවරණ අපේක්ෂකයන් මැතිවරණ ව්‍යාපාරය පවත්වාගෙන යනු ලබන ආකාරය ගැන අපේක්ෂකයන්ගේ පොරොන්දු ලබා ගැනිමට ද අපේක්ෂිත බව මෙම වැඩසටහනේ සංවිධායකයෝ පැවසූහ.  

ශ්‍රී ලංකාවේ මැතිවරණ ඉතිහාසයේකිසිදු දිනක ජනාධිපති අපේක්ෂකයන් එකම වේදිකාවකට කැඳවිම මෙතෙක් සිදුවි නොමැති බව කී සංවිධායකයෝ මෙය දේශපාලන සංස්කෘතියේ හැරවුම් ලක්ෂය බව ද පැවසූහ.  

මෙම මාධ්‍ය හමුවේදී මාර්තු 12 ව්‍යාපාරය සහ ඒෆ්‍රියල් සංවිධානය නියෝජනය කරමින් පහත මහත්ම මහත්මීහු අදහස් දැක්වූහ.

1.රෝහණ හෙට්ටිආරච්චි (පැෆ්රල් සංවිධානය සහ මාර්තු 12 ව්‍යාපාරයේ කැඳවුම්කරු)

2. රවින්ද්‍ර ද සිල්වා (එෆ්රියල් තරුණ ජාලය)

3. මංජුල ගජනායක (මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය)

4.ශශී ද මෙල් (ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා)

5. නීතීඥ එස්.ජී. පුංචිහේවා (ප්‍රජාතාන්ත්‍රී අයිතාවාසිකම් රැකගැනීමේ ව්‍යාපාරය)

6.උපේක්ෂි ප්‍රනාන්දු (මාර්තු 12 ව්‍යාපාරය)

7.ප්‍රභාත් චන්ද්‍රකීර්ති (ශ්‍රී ලංකා පරිපාලන සේවා නිලධාරීන්ගේ සංගමයේ සභාපති)

8.චන්ද්‍රා ජයරත්න (වාණිජ්‍ය සංගමයේ හිටපු සභාපති, ෆ්‍රයිඩේ ෆෝරම්)

9.සචින්ත දුලංජන (යොවුන් පාර්ලිමේන්තු හිටපු කථානායක)

10.රොයෙල් රේමන් (එෆ්රියල් තරුණ ජාලය)

11. ජනිත් රුක්මාල් (එනේබල් ලංකා)

12. බ්‍රයන් ගුණරත්න (තරුණ ජාලය)

Author - Niluka Sandun
Niluka Sandun
Make a Comment



Breaking News
ලාසා වයිරසයෙන් නයිජීරියාවේ 29ක් මරුට
ලාසා වයිරසයෙන් නයිජීරියාවේ 29ක් මරුට
Read More | 2020-01-28
වූහාන් සිට එන ශිෂ්‍යයින් සති 2කට හමුදා කඳවුරකට
වූහාන් සිට එන ශිෂ්‍යයින් සති 2කට හමුදා කඳවුරකට
Read More | 2020-01-28
'චීන කාන්තාව ලංකාවේ සංචාරයට පැමිණ ඇත්තේ කණ්ඩායමක් සමගයි'
'චීන කාන්තාව ලංකාවේ සංචාරයට පැමිණ ඇත්තේ කණ්ඩායමක් සමගයි'
Read More | 2020-01-27
ඉන්දූනීසියාවේ සිට පැමිණි ගුවන් යානයක සිටි කාන්තාවක් IDH රෝහලට
ඉන්දූනීසියාවේ සිට පැමිණි ගුවන් යානයක සිටි කාන්තාවක් IDH රෝහලට
Read More | 2020-01-27
රුධිර සාම්පල පරීක්ෂා කළ අයට කොරෝනා වෛරසය නැහැ-MRI
රුධිර සාම්පල පරීක්ෂා කළ අයට කොරෝනා වෛරසය නැහැ-MRI
Read More | 2020-01-25
අජිත් ප්‍රසන්න රිමාන්ඩ් - මානසික වාර්තාවක් කැඳවයි
අජිත් ප්‍රසන්න රිමාන්ඩ් - මානසික වාර්තාවක් කැඳවයි
Read More | 2020-01-24
සයිබර් අපරාධවලට එරෙහිව රජයෙන් නව නීති
සයිබර් අපරාධවලට එරෙහිව රජයෙන් නව නීති
Read More | 2020-01-24
 ලයිසන් ගැනීමේදී වෛද්‍ය පරීක්ෂණයට දින වෙන්කරගන්න ඔන්ලයින් ක්‍රමවේදයක්
ලයිසන් ගැනීමේදී වෛද්‍ය පරීක්ෂණයට දින වෙන්කරගන්න ඔන්ලයින් ක්‍රමවේදයක්
Read More | 2020-01-22
බැඳුම්කර විගණන වාර්තාව පාර්ලිමේන්තු වෙබ් අඩවියේ පළ කරන්නැයි ඉල්ලීමක්
බැඳුම්කර විගණන වාර්තාව පාර්ලිමේන්තු වෙබ් අඩවියේ පළ කරන්නැයි ඉල්ලීමක්
Read More | 2020-01-22
මහබැංකු වෝහාරික විගණන වාර්තාව ඉදිරිපත් කිරීම යෝග්‍යයි-කථානායක
මහබැංකු වෝහාරික විගණන වාර්තාව ඉදිරිපත් කිරීම යෝග්‍යයි-කථානායක
Read More | 2020-01-21