RTI

පාලිත තෙවරප්පෙරුම රිමාන්ඩ්

10. 09. 2019 | 2.51pm
Change සිංහල | தமிழ் | English
පාලිත තෙවරප්පෙරුම රිමාන්ඩ්

අධිකරණ නියෝග නොතැකීයැයි සමාජ සවිබලගැන්වීම් නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා ඇතුළු පස් දෙනෙකු ලබන 16 වැනිදා දක්වා රිමාන්ඩ් කිරීමට මතුගම මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

කළුතර වතු යායක හිමිකරුගේ අවසරයකින් තොරව එම ඉඩමේ මළ සිරුරක් වළ දැමීම සම්බන්ධ සිද්ධියකදී ගෙන තිබූ අධිකරණ නියෝග නොතකා එම සිරුර වළ දැමීම සම්බන්ධයෙන් තෙවරප්පෙරුම මහතා ඇතුළු පිරිසට චෝදනා එල්ල වෙයි. 


Author - Staff writer
Staff writer
Make a Comment