සියලු රූපවාහිනි නාලිකාවල බලය ජනපති අතට

Staff Writer | Author . පරිවර්තනය කරන්න සිංහල හෝ தமிழ் 10. 09. 2019 | 2.25pm
සියලු රූපවාහිනි නාලිකාවල බලය ජනපති අතට

ජනාධිපතිවරයා විසින් ඊයේ (09) නිකුත් කරනු ලැබූ අති විශේෂ ගැසට් නිවේදනය අනුව රජයේ සහ පෞද්ගලික විද්‍යුත් නාලිකා (ටෙලිවිෂන්) නියාමනය කිරීමේ බලය ආරක්ෂක ඇමතිවරයා වන ජනාධිපතිවරයා වෙත ලැබී ඇතැයි නීතිඥවරු පෙන්වා දෙති.

ඊට හේතුව වන්නේ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා පනත ද ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා ගැනීමයි.

එම පනත ආරක්ෂක අමාත්‍යාංශය හරහා ක්‍රියාවට නැංවීමේදී  රූපවාහිනි නාලිකාවලට බලපත්‍ර නිකුත් කීරීමේ බලය ආරක්ෂක අමාත්‍යවරයා වන ජනාධිපතිවරයාට ලැබෙන බව නීතිඥවරු කියති.

ඒ අනුව බලපත්‍ර කොන්දේසි කඩ කිරීමේ දී ක්‍රියාත්මක වන විදුලි සංදේශන නියාමන කොමිසම් සභාවද ජනාධිපතිවරයාට පැවරී ඇති හෙයින් මෙය මාධ්‍ය කෙරෙහි අහිතකර ලෙස බලපා හැකි බව නීතිඥවරු පෙන්වා දෙති.


Share