RTI

අකිල ධනංජයට දෙවැනි වතාවටත් චෝදනාවක්

20. 08. 2019 | 1.27pm
Change සිංහල | தமிழ் | English
අකිල ධනංජයට දෙවැනි වතාවටත් චෝදනාවක්

මාස දහයක් තුළ දෙවන වරටත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිට දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට චෝදනාවක් ලැබී ඇතැයි අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පවසයි.

ඔහුට ඉදිරි දින 12 තුළ ඉරියව් පරීක්ෂණය⁣ට භාජනය වීමට සිදුවනු ඇත.

ඔහු මෙම පරීක්ෂණය අසමත් වුවහොත්,ඔහුට වසරක තරග තහනමක් පැනවෙනු ඇත. වසර දෙකක කාලයක් තුළ එම පරීක්ෂණය දෙවරක් අසමත් වූ පන්දු යවන්නන්ට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය වසරක තහනමක් පනවයි.

ඔහුට මෙන්ම නවසීලන්ත ⁣නායක කේන් විලියම්සන්ගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බව නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර පළමු ටෙස්ට් තරගයේ විනිසුරුවරුන් තරග තීරකට දැනුම් දී තිබේ.

ඔහු 2014දී ඉරියව් පරීක්ෂණය අසමත් වූ නමුත් මෙම පරීක්ෂණය අසමත් වූවත් වසරක තරග තහනමක් නොලැබෙනු ඇත.

ධනංජයට පසුගිය වසරේදී ඉරියව්ව සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ අතර මෙම වසරේ මුල ඔහුගේ වෙනත් ඉරියව්වක් පරීක්ෂණයට භාජනය කෙරුණු අතර එයට අයිසීසීයේ අවසරය හිමි විය.

ඉන් අනතුරුව ඔහු එක්දින තරග ක්‍රීඩා කළ මුල් මාස කිහිපය තුළ කඩුළු අතරට පැමිණිමට නොහැකි වූ අතර ඒ හේතුවෙන් 2019 ලෝක කුසලාන සංචිතයේ ස්ථානය ද අහිමි විය. 

එම සිද්ධියෙන් පසු ඔහු ටෙස්ට් තරගයක් ක්‍රීඩා කළ පළමු අවස්ථාව නවසීලන්තය සමග පැවැත්වූ මෙම පළමු ටෙස්ට් තරගයයි.එහි පළමු ඉනිමේදී ඔහු ලකුණු 80 කට කඩුලු 5 ක් ලබා ගත්තේය.

වසරක තරග අත්හිටුවීමක් සිදුවුවහොත් එය ධනංජයගේ ක්‍රිකට් දිවියට බරපතල පහරක් පමණක් නොව එය ශ්‍රී ලංකාවේ දඟ පන්දු යැවීමේ බලඇණියේ සමබරතාවටද දැවැන්ත පහරක් වනු ඇත.

ශ්‍රී ලංකා කාලසටහනේ ඊළඟ ටෙස්ට් තරග සියල්ලම ආසියාවේදී පැවැත්වීමට නියමිතය. 

නවසීලන්තයට එරෙහිව ශ්‍රී ලංකාවේ දෙවන ටෙස්ට් තරගය බ්‍රහස්පතින්දා ආරම්භ වේ. ධනංජය සහ විලියම්සන් යන දෙදෙනාටම එම තරගයේදී පන්දු යැවීමට අවස්ථාව හිමි වෙයි.

ESPN ඇසුරෙනි


Author - Staff writer
Staff writer
Make a Comment



Breaking News
කොරෝනා ආසාදිතයින් බවට 'සැකකරන' දෙදෙනෙක් IDH රෝහලට
කොරෝනා ආසාදිතයින් බවට 'සැකකරන' දෙදෙනෙක් IDH රෝහලට
Read More | 2020-01-25
අජිත් ප්‍රසන්න රිමාන්ඩ් - මානසික වාර්තාවක් කැඳවයි
අජිත් ප්‍රසන්න රිමාන්ඩ් - මානසික වාර්තාවක් කැඳවයි
Read More | 2020-01-24
සයිබර් අපරාධවලට එරෙහිව රජයෙන් නව නීති
සයිබර් අපරාධවලට එරෙහිව රජයෙන් නව නීති
Read More | 2020-01-24
 ලයිසන් ගැනීමේදී වෛද්‍ය පරීක්ෂණයට දින වෙන්කරගන්න ඔන්ලයින් ක්‍රමවේදයක්
ලයිසන් ගැනීමේදී වෛද්‍ය පරීක්ෂණයට දින වෙන්කරගන්න ඔන්ලයින් ක්‍රමවේදයක්
Read More | 2020-01-22
බැඳුම්කර විගණන වාර්තාව පාර්ලිමේන්තු වෙබ් අඩවියේ පළ කරන්නැයි ඉල්ලීමක්
බැඳුම්කර විගණන වාර්තාව පාර්ලිමේන්තු වෙබ් අඩවියේ පළ කරන්නැයි ඉල්ලීමක්
Read More | 2020-01-22
මහබැංකු වෝහාරික විගණන වාර්තාව ඉදිරිපත් කිරීම යෝග්‍යයි-කථානායක
මහබැංකු වෝහාරික විගණන වාර්තාව ඉදිරිපත් කිරීම යෝග්‍යයි-කථානායක
Read More | 2020-01-21
පැය 24කදී ලෝක බලවතුන් හතර දෙනෙක් ලංකාවට
පැය 24කදී ලෝක බලවතුන් හතර දෙනෙක් ලංකාවට
Read More | 2020-01-14
වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කෙරෙයි
වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කෙරෙයි
Read More | 2020-01-14
රංජන් රාමනායක අත්අඩංගුවට
රංජන් රාමනායක අත්අඩංගුවට
Read More | 2020-01-14
'යුක්‍රේනියානු ගුවන් යානය කඩා වැටුණේ ඉරානයේ මිසයිල ප්‍රහාරයකින්''
'යුක්‍රේනියානු ගුවන් යානය කඩා වැටුණේ ඉරානයේ මිසයිල ප්‍රහාරයකින්''
Read More | 2020-01-10